විසි අටවන හුස්ම

347 41 3
                                    


" හා..හාහ්... හාච්චිං... " සිය වෙනි වතාවටත් අධීර කිඹුහුම් යැව්වේ මුළු මුහුණම රතු කරගනිමින්ය..

" සුවපත්ම වෙත්වා..."මින්දාර අධීරගේ පිටට පාරක් ගැහුවේ අධීර අමාරුවෙන් නහයත් උඩට ඇද ඇද බලාගෙන ඉද්දි..

" ආව්හ්.. ඔහොම ගහනවද මින්දාරයෝ.. බලපන් මන් ලෙඩින් ඉන්නේ.." අධීර කිව්වේ මින්දාර ගහපු පිටත් අතගාන ගමන්ය..

ඔවුන් දෙදෙනාම සිටියේ පන්සලට යන ගුරු පාර දිගේ ඇවිදින ගමන්ය.. අධීර මුළු ඔලුවම වැහෙන්න සුදු රෙද්දක් පොරෝගෙන හිටියේ වෙව්ලන සීතලෙන් මිදෙන්නට මෙනි..

"උබට ඔහොම වෙලා මදි.. මොන මී හරකද අධීර ලේ වල විස අයින් කරන්න හදපු බේත් බොන්නේ.. අරුනාද්‍ය හිටපු හන්දා හොදා නැත්නම් මෙලහකටත් අපි පන්සලට වෙලා උබට පාංසකූලේ දෙනවා... මින්දාර කිව්වේ අධීර කටත් අමුතු විදිහට හදාගෙන ඔහු දිහා බලාගෙන ඉද්දි..

" තූ.. උබනම්..." අධීර කාරා කෙල ගැසුවේ මින්දාරගේ මුහුණ දෙස කෝපයෙන් බලමිනි...

"හා..හාච්චිං..." අධීර නැවතත් කිඹුහුමක් යැව්වේ නහයත් උඩට අදින ගමන්...

" උබට උන හැදෙන්නද අධීර.. " මින්දාර ඇසුවේ අධීරගේ නලල වෙත තම අත තබමින්ය..

"නෑ.. නෑ.. බන් ඕක වෙනිවැල් ගැට එකක් බිව්වම හරියයි.. අධීර කිව්වේ ඔහුගේ නලලෙන් මින්දාරගේ අත ඉවත් කරමිනි...

" උබ දැන් කෙලින්ම යන්න ඕන පන්සලට.. වෙන කොහෙවත් හැරිලි කෙරිලි නෑ කෙලින්ම පන්සලට... මින්දාර අධීරගේ උරහිස් තදින් අල්ලාගෙන කිව්වේ අධීරගේ හිතුවක්කාරකම් ගැන සත පහකට විශ්වාස නොකරමිනි..

" හරි හරි මින්දාර උබ හිතු......"

"වාගීෂ්වර අන්න උබේ අඹු සිගිත්ත.."
අධීර කියන්න ගිය දේත් නවතමින් මින්දාර සමග හැරී බැලුවේ පිටුපසින් ඇසුන කටහඩිනි..

" වාගීෂ්වර " අධීර මිමුණුවේ මීට පෙර රාත්‍රියක ඔහු කල සියලු දේ එකින් එක මතකයට එද්දි..

වාගීෂ්වර පැමිණ සිටියේ අංගම්පොර ඉගෙන ගැනීමට තම මිතුරන් කිහිප දෙනකු සමග ගුරුකුලයට යාමටය.. නමුත් මේ මොහොතේදි අධීර හමු වේ යැයි ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවීය..

අනුරාග් (yizhan ) ✅Where stories live. Discover now