විසි හයවන හුස්ම

366 40 5
                                    


" ම්nහ්... සෑහෙන දවසකට පස්සෙ හොදට නිදාගත්තා..."
කටටත් වඩා ලොකු ඈනුමක් යවන ගමන් අධීර ඇස් අරිමින් වටපිට බැලුවේය...

කුඩා පොල් අතු සෙවිලි කල ගෙයක්.. කටුමැටි ගා ඇති බිත්ති... පිරිසිදු බව ඕනවටත් වඩා පිරිලා තිබුණු ගොම මැටි ඇතිරූ පොළව.. ඇත්තෙන්ම ඔහු සිටි ස්ථානය දකින ඕන කෙනෙක්ගේ හිත ඇද ගන්නා තර්ම් පිරිසුදුය.. එසේම ආකර්ශනීය විය....

"මන් මේ කොහෙද ඉන්නේ...
නැවතත් ඔහු සිටි තැන අතින් ඇස් පොඩිකරමින් කුමක්දැයි හොදින් බැලූ අධීරට, ඊයේ රාත්‍රියේ සිදුවූ හැමදේම එක පෙළට මතක් විය...

" ආයිශ්... වාගීෂ්වර තමුන්ව මන් මරණවා..
ඒ වගේම මන් තමුසෙවත් මරණවා අරුනාද්‍ය.. තමුන්ලා දෙන්නම මට සලකපු විදිහ අන්තිමයි...." අධීර කේන්තියෙන් කෑගැසීය.. නමුත් ඔහුගේ කෑගැසීමටවත් ඔහුගේ කේන්තියටවත් සවන් දීමට මේ වනවිට කිසිවකු මේ පාළු නිවසේ සිටියේ නැත..

"කෝ මේ මහ ලොකු උරුමේ....
අරුනාද්‍ය නීලංරුද්‍ර.. තමුන් කොහෙද..."
අධීර මුළු නිවසම පීරමින් අරුනාද්‍ය සෙව්වද ඔහු ඒවන විටත් පිටව ගොස් සිටියේය..

"ඒ කියන්නේ මේ මනුස්සයා ගිහින්වත්ද.."

"සද දෙවියනේ.. මං අද ඉවරයි.."

"ගුරුන්නාන්සේ"

"පුහුණුවීම්..."

"මං ඉවරයි..."..

අද ඔවුන්ගේ අංගම්පොර පුහුණුවේ පළමු දිනයයි.. වෙලාවට පුහුණු වීම් වලට පැමිණීම ගුරුන්නාන්සේගේ පළමු නීතියයි.. නැතිනම් දඩුවම් විදීමට සිදුවෙයි..අධීරට ඉක්මනින් පොර පිටියට යාමට වුවමනා වුවද ඔහුට ඊට පෙර පන්සලට යාමට සිදු විය.. මන්ද ඔහුට ඇද ගැනීමට සුදුසු ඇදුම් අවශ්‍යය විය.. ඔහුට අරුනාද්‍ය ලබා දුන් ඇදුම පොර පිටියට යාමට තරම් කිසිසේත් සුදුසු වූයේ නැත..

"මන් ආවා.... හහ්... හහ්......."
එක පිම්මෙන්ම පන්සලට දුවන් ආව අධීර බෝ මළුවේ වාඩි වී හති ඇරීමට පටන් ගත්තා...."

"ආ... උපාසක මහත්තයා...යසයි එන වෙලාව..."

" පො.. පොඩි හාමුදුරුවනේ..."
ඉදලත් අතේ තියාගෙන අධීරගේ ඉස්සරහට ආව පොඩි හාමුදුරුවෝ අධීරගේ කන තදින් අල්ලා ගත්තේය"

අනුරාග් (yizhan ) ✅Where stories live. Discover now