"මාළුද චිකන්ද පුතේ?"
"චිකන් දෙන්න ආන්ටි."
"එතකොට පුතාලාට මොනාද බොන්න ඕනෙ?"
"කෝක් තියෙනවා නේද?"
"ඔව් පුතේ..ඒවාගෙන් දෙකක්ද?"
"ඔව් ආන්ටි" මන් කැශියර් එකේ හිටපු ආන්ටිට කාඩ් එක දික් කරාම අනිත් පැත්තට මගේ අත පහළට වුණේ ආර්යන් අයියාගෙ අත ඊටකලින් මගේ මැණික් කටුව ගාවින් තද වුණු නිසා.
"මේකෙන් ගන්න."
"අද කාඩ් පේමන්ට් බෑ පුතා මැශින් එක කැඩිලා. කෑශ් නැද්ද?" ඊට පස්සෙ ආර්යන් අයියා තරහා ගිහින් වගේ එයාගෙ අතේ තිබ්බ වොලට් එක ඇරියාම මන් ශේප් එකේ ඒ දිහා බෙල්ල දාලා බැලුවා. හරිනේ! දාහයි තියෙන්නෙ. මම ඒගමන හිනාවත් තද කරගෙන මගේ වොලට් එකෙන් පන්දාහේ කොළයක් අරන් ආන්ටිට දික් කරා.
"ආ පුතා ඉතුරු..ගිහින් ඉදගන්නකො. කෑම එක ටේබල් එක ගාවට ගේන්නම්"
"තැන්ක්‍යූ ආන්ටි." ඉතුරු සල්ලි වොලට් එකට දාන ගමන් මන් කඩේ ඉස්සරහටම ඇවිදන් ගියේ ඒගමන්ම මන් පස්සෙ ගහගන්න වගේ එන ආර්යන් අයියා දිහාත් උරහිසින් බලන ගමන්. ඔය ඇත්තේ ගෙවාගන්න බැරි වෙච්ච නිසා තරහෙන් වෙන්නැති ශුවර් එකටම. ඇත්තටම ඔහොම වෙච්චි එක හොඳයි එකඅතකට. මොකද අද මටත් ගෙවන්න පුලුවන් වුණානෙ. නැත්තන් හැමදාම මෙයා තමයි ගෙවන්නෙ.
"කොතනද ඉදගන්න ඕන?" මන් රෙස්ටුවර්න්ට් එක දිහා බැලුවා.
මෙතන්ට තමා අපි සෙට් එක ඒ කිව්වෙ නිස්සලා මම එහෙම බ්ලිස් එකට පස්සෙ වැඩිම ගාණක් එන තැන. හැබැයි බිග් මැච් එකට පස්සෙ අද තමා මන් මුලින්ම මෙතන්ට ආවෙ. රෙස්ටුවරන්ට් එකක් කිව්වට මේක මේ මහලොකු තැනක් නෙමේ. ටවුන් එක ඇතුළට වෙන්න තිබ්බ පොඩි කඩයක්. ඒත් මේකෙ කෑම ගැන කිව්වොත් ආයේ කෙලින්ම තවුතිසා යන සීන් එකක් තිබ්බෙ. ඒ තරම් සුපිරියි.
මරු සීන් එක තමා මේ තැන ගැන කිව්වෙත් අපේ මහේන් බොසා. ඒ කියන්නෙ මේක ඉස්සර ඉදන් තිබ්බ කඩයක්ලු. ඒකාලෙ තිබ්බ විදිහමයි තාමත් මේ කඩේ කිසිම වෙනසක් නෑ. ඒත් දැන් දැන් කට්ටිය මේ ගැන දැනගෙන ක්‍රවුඩ් එක වැඩි වෙද්දි මේක ටිකක් කඩලා ආයෙම ටිකක් ලොකුවට හදලා තමා දැන් ඔය ගාණට ලස්සනට හැඩේට තියෙන්නෙ. හැබැයි මේ ලගකදි ආපහු හදලාද කොහෙද දැන් ඉදගන්න ගොඩක් තැන් තිබ්බා. අනික කැශියර් එකට හිටියේ අලුත් කෙනෙක්. වෙනදා හිටපු මාමා නෙමේ.
YOU ARE READING
රදළ | The Kandyan Aristocrats
Romance"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියා...