"කා එක්කද කෝල් එකේ හිටියේ ආ?!" මම ෆෝන් එක මගේ කනින් ඈත් කරා.
"කෑල්ල එක්ක ඇයි ප්‍රශ්නයක්ද?" දැන් නම් නංගිගේ මූණ ඇති අපායට ගහපු කැලැන්ඩරේ වගේ. එච්චරට මේ ගෑණු පරාණේ මන් කා එක්ක හරි සෙට් වෙනවට පට්ට ජෙලස්. ඇයි එක දවසකුත් මන් ඔය නිල් පාට ටයි කෑල්ලක් ටෝක් කරන්න ගිහින් සති ගාණක් අහගත්තා හොඳට. අර අහිංසක මහේන් කොලුවටත් කනක් ඇහිලා ඉන්න නැති වුණා අන්තිමට මේකිගෙ මේ ඊරිසියාව හින්දා.
"තාත්තේඒඒඒ!! මෙන්න ඔයාගෙ මහා ලොකු පුතණ්ඩියාට කෙල්ලෙක් ඉන්නවලූඌඌ!" මන් කට ඇද කරගත්තා.
"ඇති ඇති බන්..ශබ්ද දූෂණය නොකර ඉදපන්. මේක පුදුම ඊරිසියාවක් වුණානෙ."
"බ්වැ! කෝ මන් වීඩියෝ කෝල් එකක් ගන්නවා ආන්ස්වර් කරනවා හරිද! අද උදෙත් ගත්තා ඔහේ ආන්සවර් කරේ නෑ."
"ඉතින් යකෝ පාන්දර එකට ගන්නෙ මොන යකාද බන්? මිනිස්සු නිදා ගන්නැද්ද?"
"අනේ අනේ මේ ලොකූ..මට කොළේ වහන්න එපා. කවදා ඉදන්ද කියනවකො තමුසෙ එච්චර වෙලාසනින් නිදාගන්න ගත්තෙ?" ඒ එක්කම නංගි වීඩියෝ කෝල් එකකට රික්වෙස්ට් කරාම මම ඒක ඇක්සෙප්ට් කරා.
මේකයි සීන් එක..එවෙලෙ මම උන්නෙ ආර්යන් අයියා එක්ක. කොහොමත් එයා දවස් දෙක තුනක් තිස්සෙ හිටියේ මූඩ් ගහලා කියලා මට එව්ව මුල් ටෙක්ස්ට් මැසේජස් දෙක තුනින්ම අදුන ගන්න පුලුවන් වුණා. මන් හැබැයි මුලින් හිතුවේ පාඩම් වැඩ නිසා වෙන්නැති කියලා. මොකද එයා අප්පච්චි ආයෙම රට ගියායින් පස්සෙ අපාට්මන්ට් එකට ගියා ගියාමයි තාම ගෙදර ගිහින් නෑ. ඒත් ඔන්න ඊයේ එකපාරටම මහා පාන්දර මාව හම්බවෙන්න පුලුවන්ද කියලා අහලා මැසේජ් එකක් දාපු වෙලේ තමා මන් හිතාගත්තෙ මොකක් හරි වෙන සීන් එකක් වෙන්නැති කියලා. කොහොමහරි අද උදේ ආර්යන් අයියාව හම්බවුනාට පස්සෙ තමා මන් හරියටම සීන් එක දැන්ගත්තෙ. දවස් දෙක තුනකට කලින් අයියාගෙ අප්පච්චිගෙ පැත්තෙ නෑදෑයෝ සෙට් එක එහෙ එයාලාගෙ ගෙදර එනවා කියලාලු. ආන්ටි දවස් දෙකක්ම කෝල් කරලා එහෙ එන්න කිව්වත් මෙයා බෑ කිව්වලු. පස්සෙ ඊයේ උදේම එයාගෙ අර අප්පච්චි කෝල් කරලා එයාට ගෙදර යන්න කියලා. ආර්යන් අයියාගෙ හැටි දන්න නිසාම රජීව් අන්කල් කියලා ගියේ නැත්තන් ක්‍රෙඩිට් කාඩ්ස් ඔක්කොම කැන්සල් කරනවා කියලා.
YOU ARE READING
රදළ | The Kandyan Aristocrats
Romance"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියා...