🐥 - ආහ්.....
ආාව්... මගේ ඔලුව.....
ම්ම්ම්හ්..........
මන් මේ කොහෙද ඉන්නේ.......
ජීමින්ගෙ ඔලුව නිකන් යකඩෙකින් තලලා වගේ රිදුම් දෙනවා.. එයා ඇස් අරින්නෙත් නැතුවම කල්පනා කලේ මොකද මේ තරම් ඔලුව රිදෙන්නෙ කියලා..
🐥 - ආහ්.. ආහ්...
අනේ අර මනුස්සයා..
අහ් ....මන් මන් එයාව මැරුවද
මන්... මන්... ආහ්..
එක පාරටම සිද්ද වෙච්ච හැම දෙයක්ම ජීමින්ගේ ඔලුවෙ එකින් එකට මැවෙන්න ගද්දි, එයා කලබලෙන් දාඩියත් පෙරාගෙන නැගිටල කෙලින් වෙලා වටපිට බැලුවෙ මොකක්ද එයා මේ කලේ කියලා දහස් වාරයක් පසු තැවෙන ගමන්...
ඒ වගේම ජීමින් පුදුම වෙලා ඉන්නේ ඇයි එයා තාම ජීවතුන් අතර ඉන්නේ කියලා....
ඒත් එක්කම එයාට අවබෝධ උනා එයා මේ ඉන්නේ hospital එකක ඇදක කියලා..
එයාගෙ අතට සම්බන්ධ කරල තිබ්බ සේලයින් එකේ බටේ දිගේ කලබලෙන් ඇස් ගෙනිච්ච ජීමින් දැක්කේ ඒකෙ බිංදු බිංදු වැටිලා ඉවර වෙලා හැකිලිලා තියෙන සේලයින් බෝතලය අතේ තියාගෙන එයා දිහා බයෙන් ඇස් දෙකත් ලොකු කරගෙන ඉන්න doctor කෙනෙක්ව...
ඒ කවුද කියල අදුනගත්තු ජීමින් එයාගෙ අත් දෙකෙන්ම අල්ල ගත්තේ ඔලුවෙන් ආපු වේදනාවත් නොසලකමින්....
🐥 - ජි.. ජි.. ජින් hyung ....
මන් මන් මිනිහෙක්ව මැ...මැරුවා......
අනේ hyung....
මන් ..මන් ඒ මනුස්සයව බේරන්න හැදුවේ..
ඒත් එත් එයා මැරුණා...
මගේ අතින් ..
අනේ ඒ මනුස්සයා ...... ම........ජීමින් හිතට ආපු හැම දේම තමන්ගේ එකම දන්න විශ්වාසවන්තයා වෙන jin ට කියාගෙන කියාගෙන ගියේ එයාගෙ අත් දෙකින් හයියෙන් අල්ලගෙන..
ඇස් වලින් කදුලු බිංදු නොනවත්වාම ගලාගෙන ගියේ එයාගෙ හදවතේ තියෙන වේදනාව දිය කරන්න වගේ..
ඒත් එයාට හිතේ හැටියට ආපු හැමදේම කියා ගන්න බැරි උනේ ජින්ට පිටිපස්සෙන් එක පාරටම එයා දැක්ක චායාව නිසා..
YOU ARE READING
Meaw's Endless Love (YoonMin)
FanfictionBoy × Boy story Read and enjoy guys... 🖤🖤🖤 Maybe there will be mature parts.. If you are not familiar with them don't read... Don't report if you can't read with open mind.. There are so many readers who love this stories so don't destroy their d...