ජීමින් එක්ක ගොඩක් වෙලා කතා කර කර හිටපු ටේ එලියට ගියපු ගමන්ම ජීමින් ඇදට වැටුනේ ලොකු කල්පනාවක් එක්කමයි.
එයාගේ ඔලුවේ එක එක දේවල් කැරකෙන්න ගත්තා..
ඒ හැම දේකින්ම වැඩිපුරම තිබ්බේ සුගාගේ සිතුවිලි.
ඒත් ජීමින්ගේ හිතේ ගොඩක්ම බරපතලව තැන්පත් වෙලා තිබ්බේ ටේ කියපු දෙයක්.. " හියුන්ග් ඔයාට ආදරෙයි ජීමින්"
ඒත් ජීමින්ට ඒක ලොකු බලාපොරොත්තුවක් උනත් ඒක විශ්වාසයට ලොකු කාරණයක් උනේ නෑ..
💁 - "Sir.."
එක්වරම විවෘත උනු දොරෙන් ඇතුලට ආපු servant කෙනෙක්ගේ හඩින් ජීමින් මනෝ ලෝකෙන් එලියට විසික් උනා.
තමන් ඉස්සරහා ඔලුව නමාගෙන ඉන්න servant දිහා ජීමින් බැලුවේ එක පාරටම ගැස්සිලා ඇදෙන් නැගිටපු විදිහටමයි..
💁 - "ලොකු සර් පහලට එන්න කිව්වා කෑම කන්න. ඒ වගේම ජින් සර් ඇවිත් ඉන්නවා අද රෑ කෑමට.. "
🐥 - "ජින් හ්‍යුන්ග් ආවද?! "
එක පාරටම හැම දෙයක්ම අමතක කරපු ජීමින් විදුලි වේගයෙන් පඩිපෙල බැහැගෙන පහත මාලයට දුවගෙන ගියේ ජින්ව දැකගැනීමේ ඉව වහා යන කුතුහලයත් එක්කමයි..
ඒත් එක්කම පහල හිටපු ජිනුත් ජීමින් දුවන් එන හැටි දැක්ක ගමන් කුලු හරකෙක් වගේ කලබල වෙලා දුවගෙන ගියේ නම්ජූන්වත් පෙරලගෙන.
🐥 - "ජින් හ්‍යුන්ග් ! "
🐹 - "ජීමින්!!"
දෙන්නම බදාගත්තේ හරියට අම්මා කෙනෙක්ට තමන්ගේ නැති උන දරුවෙක් ආයේ හම්බුනා වගේ සිද්ධියක් එතන මැවෙද්දී..
🐹 - "ජීමින්.. පැටියෝ ඔයා හොදින් නේද?? මොනාද උනේ..?!"
🐥 - "ම මන් හොදින් හ්‍යුන්ග්.. ඒත්.."
ඒත් ජීමින් එකපාරටම කියන්න ගියපු දේ ගිලගත්තේ සෝෆා එකේ පැත්තක වාඩි වෙලා හිටපු සුගා එතනින් යන්න නැගිටිද්දී එයාගේ චායාව දැක්කම ජීමින්ගේ අවදානේ වෙනස් උන නිසා.
ඒ මූනේ කිසිම හැගීමක් නැති උනත් ඒ ඇස්වල තිබ්බ කියාගන්න බැරි දුකක් ජීමින්ගේ ක්ශනික බැල්මට අහු උනා.. මෙතන සිද්දවෙන හැම දෙයක්ම මග ඇරලා එතනින් පිටවෙලා යන සුගා දිහා ජීමින් දහසක් හැගීම් ප්‍රශ්න වලට මැදිඋනු හිතින් බලාගෙන හිටියා..
YOU ARE READING
Meaw's Endless Love (YoonMin)
FanfictionBoy × Boy story Read and enjoy guys... 🖤🖤🖤 Maybe there will be mature parts.. If you are not familiar with them don't read... Don't report if you can't read with open mind.. There are so many readers who love this stories so don't destroy their d...