32 TH PART

337 71 58
                                        

අති අති සංවේදී පුද්ගලයින් කියවීමෙන් වලකින්න.. 🚫

හී නිකන් කිව්වේ වැඩි දෙයක් නෑ ඉතින් බය වෙන්න එපා..😁











🐯 - "හ්‍යුන්ග්.. හ්‍යුන්ග් මේ දොර අරින්න.."

ටොක් ටොක් ටොක්


🐯 - "තමුසෙට හොඳටම ශුවර් ද හ්‍යුන්ග් ඇතුලට ගිහින් එලියට ආවේ නෑ කියලා.."

🐰 - "ඔව් ඉතින් මන් tv බල බලනේ හිටියේ මට වැරදෙන්න විදියක් නෑ.."

🐯 - "ආශ්.."

🐰 - "මොකද්ද වෙලා තියෙන්නේ කියනවකෝ.."

🐯 - "හ්‍යුන්ග් මේ දොර අරින්න හදිස්සියක්.."




ජන්කුක්ගේ කෑ ගැහිල්ල ගානකටවත් ගන්නේ නැතුව ටේ ගොඩක් කලබලෙන් දිගටම දොරට ගහන්න ගත්තා..
.
.
.
.
.




සුගා තරහෙන් ගෙදර ආපු ගමන්ම කලේ කාමරේට රිංගගෙන එයාගේ ප්‍රතම රාජකාරිය කරගත්තු නින්දට අවතීර්ණ වෙන එක. ආයේ ඉතින් මොන යකා ආවත් මෙයාව ඇහැරවන එක බොරු.. ඒත් ටේගේ කන්දොස්කිරියාව හීනෙන් වගේ ඇහෙනකොට සුගා ටික ටික ඇස් ඇරලා ටේට හිතින් බනින ගමන් ගිහින් දොර ඇරියා..


🐯 - "ආහ්.. 😨"



ජන්කුක්ට බැන බැන දොරට ගගහා හිටපු ටේට එක පාරටම තමන්ගේ අත control නැතුව දොරට ගහනවා වගේම දොර ඇරපු සුගාගේ ඔලුවටත් ගැහුවා..




🐱 - "මොනවද යකෝ වෙලා තියෙන්නේ.."



අමු නිදිමතේ ඔලුවට වැදුනු පාරත් එක්ක යකා නැගපු සුගා ටේගේ ඇගට කඩාගෙන පැන්නා..


🐯 - "හි හ්‍යුන්ග් මේ පොඩි කලබලයක්."

🐱 - "ඒ පාර මොන ලබ්බක්ද?"

🐯 - "මේ මේ.."

🐱 - "ඉක්මනට කියපන් මගුල.."

🐯 - "ජීමින් අතුරුදහන් වෙලා.."

🐱 - "බබා?? මොකක්?? මොකද්ද වුනේ.."

සුගාට එක පාරට නිදිමත නැති වෙලා ගියා කියලා දැනුනා.. ජීමින් ගැන කියද්දිම සුගාගේ හදවතේ ගැස්මක් ඇති උනා.. එයා දෑස් විසල් කරගෙන ටේ දිහා බැලුවේ මොකද්ද ඒ කතාවේ තේරුම දැන ගන්න..



Meaw's Endless Love (YoonMin)Onde histórias criam vida. Descubra agora