40 TH PART

362 74 103
                                    


ඊයේ රෑ කෑම මේසෙට වාඩි වෙන්න ජීමින්ට පළමු වතාවට අවස්තාවක් හම්බුනා.. දැන් එයාට ඇවිදින්න අවසර තියෙන නිසා කෑම එක කාමරයට යවන්න උවමනාවක් තිබුනේ නෑ..

ටේ ජින් නම්ජූන් වගේම ජන්කුක් සහ සුගාත් රෑ කෑම මේසෙට එකතු වෙලා හිටියා. ජින් ගාවින්ම අසුන් ගත්තු ජීමින් තමන්ගේ පිගාන අරගෙන මේසේ තිබ්බ කෑම ජාති දිහා බැලුවා.. ඒත් එක්කම එයාගේ ඇස් වලට එක පාරට අහු වුනේ බැදපු කුකුල් මස් පුරවපු දීසියක්..





🐹 - "ජීමින් ආ මේ chicken බෙදා ගන්න.. ඔයා ආසයිනේ.. "



ජීමින්ට එක පාරටම බැලවුනේ සුගාගේ මූන දිහා..

සුගා ඒ වෙනකොටත් ජීමින්ගේ මූනේ හැගීම් නිරීක්ෂණය කරමින් බලන් ඉන්න බව ජීමින් දැනන් හිටියේ නෑ..

ජීමින්ට සුගාගේ මූන දකිද්දීම මතක් උනේ හවස උන සිද්දිය.. ඒ රූපරාමු පෙලින් පෙලට ජීමින්ගේ මනසේ ආයේ පේන්න ගත්තා..


කාගෙද මේ ලේ..

කුකුලෙක්ගේ..

රෑට කන්න හදන කුකුලගේ. !!!!



ඒත් එක්කම ජීමින්ට පෙනුනේ තමන්ගේ මූන දෙස කෙලින් බලාගෙන ඉන්න සුගාගේ මුහුනේ තිබ්බ ලේ බිංදු...
.
.
.
.
.

බුවෑක්ක්...



🐹 - "ජීමින් මොකද කොල්ලෝ.. අසනීපයක්වත්ද.."






සුගාගේ මූන දිහා බලන් ඉද්දීම ජීමින් නොදැනුවත්වම ජීමින්ගේ කටින් ඔක්කාරයක් පිට උනේ කෑම මේසේ හැමෝගෙම අවදානේ ජීමින් වෙතට යොමු වෙන ගමන්..

ඉක්මනටම තම අත්ලෙන් කට ආවරණය කර ගත්ත ජීමින් කෑම මේසෙන් නැගිට්ටේ එතන තවත් ඉදගෙන ඉන්න පුලුවන් වාතාවරණයක් තිබ්බේ නැති නිසා..




🐥 - "හැමෝම සමාවෙන්න.. මට ටිකක් සනීප නෑ වගේ. ම මන් කාබරේට යනවා ඔයාලා කන්න.."




ඒත් එක්කම අනිත් අයගේ පිලිතුරු බලාපොරොත්තු නොවුනු ජීමින් තම වේගය වැඩි කරමින් ඉක්මනින්ම තමන්ගේ කාමරයට දුවන්න ගත්තා..



🐯 - "යකෝ ඒ මොකද්ද උනේ?? "


🐰 - "ජීමිනාට බබෙක් හම්බෙන්නද දන්නේ නෑ.."

Meaw's Endless Love (YoonMin)Onde histórias criam vida. Descubra agora