Warning 🚫 blood and hate words 🚫
( එච්චර නෑ ඉතින් ☺️)🐥 - "ඔහොම ඉන්න බබා අදනම් ඔයාව කොහොම හරි නාවන්න ඕනේ. ගදේ බෑ ඔයා ගාව.. "
උදේ පාන්දරම තමන් ගාව නිදාගෙන හිටපු පූසාව අත්දෙකෙන් වඩාගත්ත ජීමින් තරවටු කටහඩකින් නිදිමතේ මේ මොන විකාරයක්ද කරන්නේ කියලා හිතමින් ජීමින්ගේ අත් අතර ඈනුම් ඇර ඇර හිටපු පූසට කියමින් කලින්ම සූදානම් කරලා තිබ්බ bathtub එක ගාවට පූසව එක්කන් ගියා..
ඒත් පූසට වෙන්න යන වැඩේ තේරෙන්න වැඩි වෙලා ගියේ නැත්තේ ජීමින් පූසව වතුර බාගේට පුරවපු tub එකට අත අරින්න හදපු තත්පරේමයි..
🐥 - "ආව්ව්!! ඔහොම නවතිනවා.. දුවන්න එපා.. ආව්ව් මගේ අතත් හීරුවා.. "
එකපාරම ජීමින්ගේ අත් අතරින් පැන ගත්තු පූසාගේ නියපොතු වලින් ජීමින්ගේ අතක් හීරිලා ගියේ ලේ එන්නමයි..
ජීමින් එක පාරම ඒකෙන් ටිකක් ගැස්සුනත් දැනුනු සුලු වේදනාව දරාගෙන එන ලේවත් ගනන් ගන්නේ නැතුව පූසව හොයාගෙන එන්න ආයෙත් bathroom එකෙන් එලියට ආවා..
කාබරෙන් එලියට දුවන පූසා පස්සෙන්ම දිව්ව ජීමින් තම කටහඩ බාල කරමින් පූසට කතා කරමින් දිව්වේ හයියෙන් කෑ ගැහුවොත් ගෙදර කවුරු හරි ඇහැරෙයි කියලා බයෙන්.. මොකද මේ වෙලාවට සුගා හොදටම නිදි බව ජීමින් මේ දවස් ටිකට හොදට අධ්‍යනය කරලා තිබ්බා..
🐥 - "බබා කිව්වම නවතිනවා.."
පඩිපෙල අඩියට දෙකට බැස්ස පූසා ජීමින්වත් ගනන් ගන්නේ නැතුව ගෙදර ඉස්සරහම දොරෙන් එලියට පැනලා දිව්වේ එක පිම්මෙන්මයි..
🐥 - "අයියෝ එලියට යන්න එපා.. ඔහොම ඉන්න.... බබා.."
ජීමින් හති දදා දුවගෙන ඇවිල්ලා ගේ ඉස්සරහ විශාල දොර ගාව නැවතුනේ එකපාරටම කල්පනා වුනු දෙයක් නිසා..
"තමුසෙට එලියට යන්න තහනම්.."
🐥 - "ආශ්ශ්ශ් බබා ආයෙත් එන්න අනේ මට එලියට එන්න බෑ.. ඔයා ඔහෙ ගිහින් අතරමං වෙයි.. "
BINABASA MO ANG
Meaw's Endless Love (YoonMin)
FanfictionBoy × Boy story Read and enjoy guys... 🖤🖤🖤 Maybe there will be mature parts.. If you are not familiar with them don't read... Don't report if you can't read with open mind.. There are so many readers who love this stories so don't destroy their d...