දවස් දෙක තුනක් මෙහෙම්මම ගෙවිලා ගියේ ජීමින්ව එයාගේ කාබරේ හිරකාරයෙක් කරමින්.
සුගාට ඇරෙන්න ඒ කාබරේට යන්න අවසර තිබ්බේ සුගා අණ කරන serventලාට විතරයි. අඩුම තරමේ ටේටවත් ජීමින් එක්ක කතා කරන්න යන්න අවසර ලැබුනේ නෑ..
සුගා ජීමින්ගේ කාබරේට එන එකත් නතර කරලා තිබ්බේ සුගාගේ මූනවත් බලන්නේ නැතිව දිගින් දිගටම ජීමින් සුගාව ප්‍රතික්ශේප කරපු නිසා..
ඒ හැම අවස්තාවක්ම මතක් වෙද්දී සුගා හැමදාම තමන්ගේ තරහව නිවා ගන්න වැටෙනකන්ම බිව්වා.
ඒ වගේම ජින් මේ හැම දෙයක් ගැනම හිටියේ ලොකු කුතුහලේකින් සහ තරහවකින්..
එයා සුගාගේ mansion එකට එන එන වෙලාවට උනේ ආපහු හැරිලා යන්න. කොච්චර ඇහුවත් ජින්ට උත්තරයක් ලැබුනේ නෑ.
ජින් හොදටම බය වෙලා හිටියේ ජීමින්ට කරදරයක්ද කියලා. ඒත් සුගා දැන් ජීමින්ව සැලකුවේ එයාගේ දේපලක් කියලා නිසා එයා ජින්වවත් ගනන් ගත්තේ නෑ.. ජීමින්ගේ ආරක්ශාව ගැන හිතලා ජින් ගත්තේ වැරදි තීරනයක්ද කියලා හිතන්න දහසක් කාරනා ජින්ගේ ඔලුවේ පොරබදන්න උනා. ජින්ගේ ඒ හැම තරහක්ම අන්තිමට පිටවුනේ නම්ජූන්ගේ පිටින්.. 🥲
නම්ජූන් කොච්චර පැහැදිලි කරන්න හැදුවත් ජීමින්ට කරදරයක් නැතුව ඉන්නවා කියලා ජින් කොහෙත්ම ඒක පිලිගන්න කැමති උනේ නෑ. එයාට ජීමින්ව ඇස් දෙකෙන් දකිනකන් හිතට කිසිම සැහැල්ලුවක් දැනුනේ නෑ.
එයා ඒ නිසාම හැම වෙලේම නම්ජූන්ව ප්‍රතික්ශේප කලා..
යුංගිගෙන් ජීමින්ව හම්බෙන්න අවසර ඉල්ලන්න යන හැම වෙලේකම යුංගි හිටියේ සිහියෙන් නෙවෙයි. ඒ නිසාම හැමදාම සුගාව ඇදට ගිහින් ඇරලවලා නම්ජූන් ගෙදර එන්නේ මේ ප්‍රශ්නෙට කොයි වගේ විසදුමක්ද හොද කියලා කල්පනා කරන ගමන්..
මෙහෙම තමන්ගේ එක එක පැතිවල ජීවිත ගෙවන ගමන් දවස් ගානක්ම ගෙවිලා යද්දී ටේට තවත් මේක ඉවසන්න පුලුවන් උනේ නෑ.. එයා සුගාව හම්බෙන්න ගියේ මේක එයාට විසදන්න පුලුවන් බව හොදින්ම විශ්වාස කරගෙන..
ESTÁS LEYENDO
Meaw's Endless Love (YoonMin)
FanficBoy × Boy story Read and enjoy guys... 🖤🖤🖤 Maybe there will be mature parts.. If you are not familiar with them don't read... Don't report if you can't read with open mind.. There are so many readers who love this stories so don't destroy their d...