24 TH PART

360 71 28
                                    

ජීමින්ගේ හිත සතුටෙන් පිරිලා ඉතිරිලා ගියේ උදේ දැක්ක පූස් බබා ආයෙත් එයාව හොයාගෙන ඇවිත් ඉන්නවා දැකලා..



🐥 - "අනේ චූටි බබා.. 😃 කෝ එන්න මෙහාට පැටියෝ.. "




එලියට ගත්ත වීදුරු ටික එහෙම්මම පැත්තකින් තිබ්බ ජීමින් එයාගේ සම්පූර්ණ අවධානයම පූසා වෙත යොමු කරලා පූසා ගාවට ගියේ එයාට කතාකරගෙනමයි..

පුදුමෙකට වගේ පූසා ජීමින් ලඟට එනකන්ම කිසිම විදියකින් බයක් නැතුව ජීමින් දිහා බලන් හිටියේ හැමදාම දන්න අදුරන කෙනෙක් එයා ලඟට එනවා වගේ..

පූසා ගාවටම ගියපු ජීමින් පූසා ලඟ බිම දන ගහගෙන එයාගේ අත අරන් ගියේ පූසාගේ ඔලුව අතගාන්න..

කිසිම බයක් සැකක් නැතුව පුරු පුරු ගගා ජීමින් අත ලං කරද්දිම අතේ ඔලුව අතුල්ලන්න ගත්තු පූසා ජීමින්ව පුදුමෙන් පුදුමෙටම පත් කලා..



🐥 - "අනේ ඔයා හරිම හොදයිනේ බබා.. 😍 කෝ මෙහෙ එන්න.. මන් ඔයාව ටිකක් වඩා ගන්නද.."



ජීමින් කිව්ව දේ තේරුනා වගේ පූසා ජීමින් ගාවට නැගිටලා ඇවිත් ජීමින්ගේ ඇගේ ගෑවෙන්න ගත්තේ ලොකු ආදරයක් ජීමින්ට පෙන්නමින්..

ජීමින් අත් දෙකෙන්ම පූසාව අල්ලලා වඩාගෙන නැගිට්ටා..

බබෙක් වගේ හරහට වඩාගෙන ජීමින් පූසව හුරතල් කරන්න ගද්දී ඒකටම හරියන්න පූසත් ජීමින් එක්ක හුරතල් උනේ පොඩි බබෙක් වගේ.. ☺️



🐥 - "අනේ ඔයා හරිම සෝයිනේ.. ඔයාගේ නම මොකද්ද..

ම්ම්ම් මන් නමක් දාන්නද එහෙනම්.. "



මේ දෙන්නා හරියට හැසිරුනේ ගොඩ කාලේක ඉදන් දන්න අදුරන ගජ යාලුවො දෙන්නෙක් වගේ..



🐥 - "ම්ම්ම් චූටි බබා.. ඔයාට බඩගිනිද.."



ජීමින් පූසව හුරතල් කරන එකට ඇබ්බැහි වෙලා වගේ ඉද්දී පූසත් ජීමින්ටම හරියන්න තනිකරම ජීමින්ගේ ස්පර්ශයට ඇබ්බැහි වෙලා හිටියා..



👤 - "මොනවද තමුසේ කරන්නේ.."



එක පාරටම පිටිපස්සෙන් ඇහුනු ගැඹුරු කට හඩින් ජීමින් වගේම පූසත් ගැස්සිලා යද්දි ජීමින් පූසව වඩාගෙනම පිටිපස්ස හැරිලා බැලුවේ බය උන පාර හයියෙන් ගැහෙන්න ගත්ත පපුව සන්සුන් කරගන්න උත්සාහා කරන ගමන්..
.
.
.
.
.

Meaw's Endless Love (YoonMin)Opowieści tętniące życiem. Odkryj je teraz