26 TH PART

367 72 25
                                    

🐹 - "යාහ් හිමින් කනවලකෝ මුන් යකෝ මොකෙක් හරි අරන් යයි වගේ ගිලින්නේ.."




කෑම ගොඩක් එක පාර කටේ ඔබාගන්න ගිය ජන්කුක්ට හිරවුනු වෙලාවේ එහා පැත්තේ හිටපු ටේ පිටට දුන්නු පාරවල් ටිකට තව ටිකක් හිර වුනා..




🐹 - "ජීමින් ගිහින් fridge එකේ cool වතුර බෝතලයක් අරන් එන්න.."




ජින්ගේ කෑගැහිල්ලත් ජන්කුකාගේ කැස්සත් ටේගේ හිනාවත් මැද්දේ ඉක්මනටම කුස්සියට ගිය ජීමින් ආයේ ආවේ වතුර බෝතලයක් අරගෙනමයි..

යුංගි ගැන තිබ්බ තරහත් ජින්ට අමතක වෙලා වගේ හිටියට එයා යුංගි එක්ක කතා කරන්න ගියේ නෑ.. යුංගිට ඒක ගැන ගානක් උනෙත් නෑ..

යුංගි ජීමින්ව තමන් ගාවින්ම වාඩි කරගෙන හිටියා. ජීමින්ට එහාපැත්තේ හිටියේ ජින්. ජින්ට එහාපැත්තේ නම්ජූන්. නම්ජූන්ට එහා පැත්තේ ජන්කුක්.
ටේ හිටියේ ජන්කුක්ටත් යුංගිටත් මැද..

pool එක ගාව තිබුනු මේසේ වටේට වාඩි වෙලා හිටපු මෙයාලගේ කටහඩින් මුලු පලාතම හෙල්ලිලා ගියා..

ඒත් ජීමින්නම් කියන ඒවා අහගෙන හිනා වෙවී හිටියා විතරයි.. වෙන මොකුත් කියන්න ගියේ නැත්තේ එයා ඉදගෙන හිටියේ කතා කරන්න බැරි පුද්ගලයෙක් ගාව නිසා..





🐰 - "හරි හරි ඔක්කොම නිශ්ශබ්ද වෙන්න.. හැමෝම වීදුරුවට සෝජු ටිකක් වක්කරගන්න. දැන් අපේ couple  එකට සුබ පතන වෙලාව.. 😌"





එක පාරටම නැගිට්ට ජන්කුක් සෝජු වීදුරුවකුත් දික් කරගත්තේ වැනි වැනි..





🐹 - "යාහ් තමුසෙට පිස්සුද? 😤"

🐱 - "කෝ කෝ නැගිටින්න ඔක්කොමලම නම්ජූන ආ මේක ගන්න.."




නම්ජූන්ගේ අතට සෝජු පුරවපු වීදුරුවක් දෙන ගමන් තව එකක් අතට ගත්තු යුංගිත් නැගිට්ටා..

ජීමිනුත් හිනාවෙවීම වීදුරුවක් අරන් නැගිට්ටිනකොට ජින්ට නැගිටින්නේ නැතුව ඉන්න බැරි උනා..



🐹 - "ආහ් උබලත් එක්කනම් බෑ.. 😤"

🐰🐱🐯🐥 - "ගැම්බේ.... 🍻🍻"



Meaw's Endless Love (YoonMin)Donde viven las historias. Descúbrelo ahora