1 ST PART

458 87 19
                                    

🐥
අද college එන අන්තිම දවස. මගේ graduation එක අද.

🗣️- Park Jimin වේදිකාවට පැමිණෙන්න.

මගේ නම....
ඔව් Park Jimin....
මන් ඉඳගෙන හිටපු තැනින් නැගිටල හිමින් stage එක දිහාවට බිම බලාගෙන ඇවිදගෙන ගියා.

🗣️ - වසරේ හොඳම ශිෂ්‍යයාට හිමි සම්මානය මෙවර දිනා ගනු ලබන්නේ Park Jimin.

Hall එක පුරාවටම අත්පොලොසන් නාදයක් පැතිර ගියා.

මන් ගිහින් සම්මානය අතට ගත්තා.

🗣️ - ඒ වගේම උපාධිය හොඳින් සම්පුර්ණ කිරීමේ සහතිකයත් මේත් එක්කම පිරි නමනවා.

ආයෙත් hall එක පුරාම අත්පොලොසන් නාදයක් පැතිරිලා ගියා.

හ්ම්.... ඔව් මන් තමයි මේ පාර batch top . මගේ මහන්සියේ ප්‍රතිපල.

සම්මානයත් සහතිකයත් අත් දෙකට මැදි කරගත්තු මන් hall එක දිහාවට හැරිලා නැමිලා ආචාර කලා. Graduation එකට ඇවිත් හිටිය ලමයින්ගෙනුයි එයාලගේ පවුලේ අයගෙනුයි පුටු සියල්ලම පිරිල තිබ්බත් එයාලට වගේ සුභ පතන්නවත් මල් දෙන්නවත් කවුරුවත් මගේ කියල කෙනෙක් අද මෙතනට ඇවිත් හිටියේ නෑ. Jin hyung ට එන්න කිව්වත් එයාට ගොඩක් වැඩ වැටිලා තිබ්බ නිසා එන්න හම්බුනේ නෑ.

...................................................................

Graduation Ceremony එක ඉවර වෙලා එලියට එද්දි හැම ලමයෙක්ගෙම අතේ මල් bouquet එකක් තිබ්බා. හැමෝම පවුලේ අයත් එක්ක Photo ගන්නවා. මන් ඒ දිහා බලන් ඉද්දි මගේ ඇස් නිකන්ම තෙත් වුනේ මගේ ඔම්මවයි අප්පවයි මතක් වෙලා. එයාලත් අද හිටියනම් කොච්චර සතුටු වෙයිද?
මන් ඇස් වලට ආපු කඳුලු එහෙම්මම වේලෙන්න දුන්නේ මට තවත් දුර්වලයෙක් වෙන්න ඕනේ නැති නිසා..

Park Jimin 🐥

දුප්පත් පවුලක ඉපදුනත් ලොකු කට්ටක් කාලා college ගිහින් ජීවිතේ ජයගත්ත ‍කොල්ලෙක්. Part Time Job කරන ගමන් ලොකු කැපවීම් ගොඩක් කරලා ඉගෙන ගත්තේ මේක විතරමයි තමන්ට ගොඩ යන්න තියෙන එකම මඟ කියල කොල්ලා දැනන් හිටපු නිසා. Jimin ගේ ඔම්මයි අප්පයි Accident එකකින් නැති වුණේ Jimin college යන්න පටන් ගත්ත මුල් කාලෙමයි. ඔම්මා අප්පා Jimin වෙනුවෙන් ඉතුරු කරල ගිය ටිකෙන් college ගමනට වියදම් කරන්න සෑහුනත් කන්න බොන්න වියදම් කරන්න Job එකක් කරන්නම වුණා. මේ හැම දේකටම එයාට ගොඩක් උදව් කලේ Jin hyung.

Meaw's Endless Love (YoonMin)Donde viven las historias. Descúbrelo ahora