සිව්වැනි ඉලක්කය....🥏

3.4K 639 225
                                    

❤️💚 TARGET ❤️💚 .....

කවුරුන්හෝ කෙනෙක්ව තල්ලුකරගෙන කලබල කරන පුද්ගලයා ජාන් දෙසට හැරුනි... ජාන්ගේ දෙනෙත් ඔහුගේ දෙනෙත් හා එක්වරම යාවිය...

" මගෙ දේදුන්නා....."

බෝතලයකුත් අතේ තියාගෙන වැනි වැනී තමන් දෙසට එන පුද්ගලයව හඳුනාගන්නට ජාන්ට එතරම් වේලාවක් වේලාවක් ගත වුණේ නැත ....

" නයි කොල්ලා ..."

ජාන් මිමිණුවේය..යීබෝ ඈත තියාම ජාන් දෙස බලගෙනම ෂූයෑන්ග් ව අතින් ඇද ලඟට ගත්තේය ...

" උඹට දේදුන්නේ සත් පාට පේනවද... නැත්නම් මට වැඩි නිසා හැමතැනම දේදුනු පායලද....හොදට බලපං..."

යීබෝ කියන අපභ්‍රංශය නොතේරී ෂූයෑන්ග් වටේටම ඇහැ දමා බැලුවේය ...

" අප්පට සිරි ජරමර අස්සෙ බර කරත්ත කිව්වලු දේදුන්නා... මෙන්න මූ එතනට යනවා......."

ෂූයෑන්ග් ඉක්මනින් යීබෝ අසලට ආවත් යීබෝ ඔහුව අල්ලා ඔහුගේ යටිබඩට පයින් පහරක් ගසා තල්ලුකර දමා ජාන් අසලටම ගියේය ... දැන් හමුවන පුද්ගලා මෙතැනට පැමිණෙන්නටත් ආසන්න නිසා ජාන් තරමක් කේන්තියෙන් යීබෝ දෙස බැලුවේය ..

" මිස්ටර් දේදුනු..... ඔහ්..... nice to meet you ...... හික්*"

,රතුවී ඇති දෑස්වලින් ජාන් දෙස බලාගෙන යීබෝ කීවේය ..

" මම වැදගත් වැඩකට මෙතෙන්ට ආවෙ මිස්ටර් යීබෝ ... මෙතනින් යන්න...."

ජාන් තරමක් සෙමින් නමුත් කේන්තියෙන් කීවේය .. යීබෝ ජාන් සිටින මේසය මතට අත්දෙකම තබා ජාන්ගේ මුහුණට පහත්විය.. ඒ රතු ඇස් ජාන්ගේ හදවත යලිත් හිරිවැට්ටූ නමුත් ඊටත් වඩා ඔහු පැමිණි කාරණය වැදත් බව ඔහු මතක්කරගත්තේය...

" ආහ්..... මේ සුවද තමයි මාව කෑවේ..."

යීබෝ එහෙන්මම ජාන්ගේ ගෙලමතින් මුහුණ තියාගෙන වැටෙන්නට ගියේය...තම හදගැස්මෙහි රිද්මය වෙනස්වන අයුරු ජාන්ට හෝදින්ම දැනුනි... ජාන් ඉක්මනින් අසුනෙන් නැඟිට යීබෝව අල්ලාගෙන වටපිට බැලුවේ ඔහු සමඟ සිටි මිතුරා සෙවීමටයි.. යීබෝ තල්ලුකර පසු විසිවී ගිය ෂූයෑන්ග් නොන්ඩි ගසමින් ඒ දෙසට ආවේය ... යීබෝ දැන් ජාන්ගේ ගෙල මතින් මුහුණ තියාගෙන කමිසයෙන් තදින් අල්ලාගෙන මොනවදෝ මුමුණමින් දෙනෙත් පියාගෙන සිටී..

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ