💚❤️ TARGET ❤️💚 .......
" ජාන් මම ආවා....."
ජාන්ගේ ඇගේ ලේ රත්කරවමින් ජීනායි ඔහුගේ කැබින් එක තුළට ඇතුළු විය.. කටහඬ ඇසී සීතල වී ගිය සිරුර තවත් ගැහෙන්නට පටන් ගත්තේ ඇඳගෙන සිටි අසංවර ඇඳුම දැකීමෙන් පසුවයි ... උඩින් වසා ගන්නද යටින් වසාගන්න ද කියා හිතා ගන්නටවත් නොහැකි ලෙස ඒ ඇඳුමෙන් දෙපැත්තම නිරාවරණය වී තිබුණි ..
",වාඩිවෙන්න මිස් ජීනායි..."
කිසිවක් නොකියා ඉන්නට බැරි නිසාවෙන් ජාන් කීවේය ....
" අයියෝ බබී ... මම එදත් කිව්වනේ මට ජිනා කියන්න කියලා ... ඔයා නම් අනේ මන්දා .."
ජාන් ඉදිරියේ ඇති අසුනින් අසුන් ගන්නා ගමන් සරාගී හිනාවක් සමගින් කීවේය ...
" ඉතින් ඇයි හදිස්සියේම මාව හමුවෙන්න ඕනේ කිව්වේ .."
ජාන් තමන් තරමක් කාර්යය බහුල බව පෙන්වමින් කතා කළේය ...
" අපි ලන්ච් එකට එලියට යමුද බබී.... අපිට තාම නිදහසේ කතා කරන්න හම්බ වුනෙත් නෑනෙ ... කොහෙද ඔයා හරි ලැජ්ජයි නේ ...."
සාමාන්‍යයෙන් පිරිමියෙකු විසින් කිවයුතු දෙවස් ඇය විසින් කියනවා ඇසුනු විට නම් ඇයගේ හැසිරීම් රටාව ගැන ජාන්ට හොඳින්ම තේරුම් ගන්නට හැකියාවක් ඇති විය ....
" අද මම ටිකක් විතර බිසි නේ ... අපි වෙන දවසක එළියට යමු ..දැන් lunch out එකකට ගියොත් මට තව ටිකකින් තියෙන බෝඩ් මීටින් එක මිස් වෙනවා... "
ජාන් ඉතාමත් ඉවසීමෙන් කතා කළේය ..
" අනේ ඒත් ............................."
ජීනායීට කියන්නට ලැබුණේ එපමණකි ...
" දේදු මැණික ......"
කියමින් යීබෝ ජාන්ගේ කාර්යාලයට ඇතුල්විය.... යීබෝගෙ පැමිණීමෙන් ජීනායි පමණක් නොව ජාන් ද හක්ක බිම වැටෙන්නට තරම් පුදුම වී බලාසිටියේය ... ජීනායි නම් හුනස්නෙන් නැගිට්ටේය ...
" i miss you මැණික ......."
යීබෝ ජාන් අසලට පැමිණ ඇසක් ඉඟිමරමින් ඔහුගේ නලලට හාදුවක් දුන්නේය ...
",යීබෝ ගගා... what ar you doing ....."
ජීනායි ගේ හඩ ජාන්ගේ කාර්යාලය පුරා දෝංකාර දෙන්නට පටන්ගත්තේය ...
BẠN ĐANG ĐỌC
💚❤️ TARGET ❤️💚 ( yizhan ff ) Complete ..
Fanfictionඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....
