විසිතුන්වෙනි ඉලක්කය 🎯

2.9K 577 219
                                    

❤️💚 ,TARGET ❤️💚 .........

ජීනායිගේ නිවස තුල........

" පපා........ඔයාලගෙ රඟපෑම දැන්ම නවත්තන්න ඕන..නැත්නම් මම නරක ගෑණි කියන්න එපා ... යීබෝ ගගා මං ඉස්සරහ මයි ජාන්ව කිස් කලේ.... මං දන්නවා ජාන්ට මොකුත් කරගන්න විදිහක් නැත්තෙ ඔයා එයාට උපදෙස් දීලා තියෙන නිසා කියලා ... මේක මෙතනින් නවත්තන්න ඕනේ ... මම ඔයාට දෙන්න සතියයි ... යීබෝට යි, Starlight එකටයි කරන දෙයක් කරලා මේක ඉවර කරන්න ... "

ජීනායි මේ ලී ෂියන්ග් හට කෑගසන්නේ යීබෝ ජාන් සමඟ ලුෆෙන්ග් ගියබව ආරංචිවූ නිසාය...

" සතියකින් හැමදේම සෙට්ල් කරන්න බෑ ඩාලිං ...පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්නකෝ .... ඒ දෙන්න ටිකක් ලං උනාට කමක් නෑ ... එහෙම ලංවෙලා එකපාරටම ඈත්වුනාම තමා පිස්සු හැදෙන්නේ.... ඔය ගමන ගිහින් ආවහම ජාන් ලව්වා Starlight එකේ මට වැදගත් ලියවිලි ටිකක් තියනවා උස්සගන්න .... ඒ ටිකත් ඉවර උනහම ගේමට බහින්න ලේසියි ...."

ලී ෂියන්ග් ජීනායී හට පැහැදිලි කලේය....

" ඒත් පපා ඔයා මේක හොඳට තේරුම් ගන්න .. ඒ දෙන්න අනවශ්‍ය විදිහට කෙට්ටු වෙලා කියලා මම දැක්කොත් ඊලඟට මම පාවිච්චි කරන්නේ මගේ විදිහ ...."

ජීනායි කෑගැසුවේය   ...

" අහ්.... ඒ කියන්නෙ ඔයා ඒ තරම් ජාන්ට ආදරෙයිද ....."

ලී ෂියන්ග් පුදුමයෙන් ඇසුවේය ...

" ජාන්ට මම පිස්සු වැටිලා ඉන්නේ පපා.... පපා දන්නව මම දේකට කැමැති වුණොත් එහෙම ලේසියෙන් මම ඒව මග ඇරගන්නෙ කියලා ..... ජාන්ව මට ඕනෙ...."

ජීනායි හිතුවක්කාරී ලෙසින් කීවේය ....

" පොඩ්ඩක් ඉවසල ඉන්න ඩාලිං ... මේ දවස් වල starlight එක ඇතුලේ සිද්ධ වෙන දේවල් ටිකක් සැක සහිතයි ... මගේ කට්ටියට කන්ට්‍රෝල් කරන්න බැරි විදිහට
යීබෝ කාරය ඇතුලේ දේවල් වෙනස් කරනවා .... මං මේ ඌ ටිකක් නටන කං ඈතට වෙලා බලාගෙන ඉන්නේ  ... ඌ කොහොමහරි දඟලලා england ඕඩරෙ ගොඩ දාගත්තා... දැන් ඊළඟට මම ඇම  දාන්න හදන්නේ අලුතෙන් ඇවිල්ල ඉන්න කොලිටි කාරයාට ....."

ලී ෂියන්ග් අසංවර සිනහවක් සමගින් කීවේය ... මේ සියල්ල නිහඬව අසා සිටි ජීනායි ගේ මව අවසානයේ ඇගේ හඬ අවදි කළේය ...

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ