❤️💚 TARGET ❤️💚 ........
" දේදු මොකක්ද වෙලා තියෙන්නෙ .... කියන්නකො...."
යීබෝ යලිත් ජාන්ගේ හිස සිඹිමින් ඇසුවේය ...
" බෝදි..... ඔන්න මට අන්තිම ටාගට් එකටත් ඒම් කරන්න චාන්ස් එකක් ලැබුනා... ඒත් ගැටලුව තියෙන්නෙ මැණික මට දවස් හතරක් කොරියාවට යන්න වෙන එක..."
ජාන් කල්පනා කරමින් කීවේය ...
" හරි කොරියාවට දවස් හතරක් යන එකනේ මේ ගැටලුව මොකද්ද ඔයාගේ ටාගට් එක කියලා මට කිව්වෙ නෑනේ..."
යීබෝ කුතුහලයෙන් ඇසුවේය ...
" ඇයි බබා මං ඔයාට එදා කිව්වේ මේ ගොල්ලන්ගෙ මේ ඩ්රග් බිස්නස් වලට අමතරව ආයුධ ජාවාරමක් වගේම පොඩි ළමයි එහෙමත් ඩීල් කරනවා කියලා ...."
" ඉතින්....."
යීබෝ කුතුහලයෙන් ඇසුවේය ...
" ඔන්න ආයුධ ගනුදෙනුවට අත්සන් කරන්න නම් කොරියා යන්න ඕනෙලු... මම ලී ෂියන්ග් එක්ක තව දෙන්නෙක් යනවලු...."
" කවද්ද දේදු... "
"තවදවස් හතරකින්...."
යීබෝ කිසිවක් නොකියා සිවිලිම දෙස බලාගෙන සිටියේය .... යීබෝ එය ඇසූ පසු කලබල වී සහ දුකෙන් සිටින බව ජාන්ට අවබෝධ විය ... යන්නට පෙර සිදුකළ යුතු කටයුතු කිහිපයක්ම තිබෙන බව ජාන් සිහිකලේය ....
" ඉතින් දැන් අවුලෙන් ද බෝදි... එහෙනම් මම ඒ ගමන නොයා ඉන්නම්...."
තවත් ටික වේලාවක් නිහඬව සිටින යීබෝ දෙස බලාගෙනම ජාන් කීවේය ...
" වෙන මොනවත් නෙමේ මට තියෙන්නෙ මහා ලොකු බයක් දේදු... මේවා මහා මහ භයානක ජාවාරම් ... ඔයාට මොනවා හරි කරදරයක් වෙයි කියලා කියලා විතරයි මට බය තියෙන්නෙ ...."
යීබෝ අහකබලාගෙන කීවේය ...
" මම එදා ඔයාට මේ දේවල් තේරුම් කරා නේද මැණික ... පටන් ගත්ත වැඩේ දැන් මට නතර කරන්නත් බෑ මොකද මම දැන් හිර වෙලා ඉන්නේ ... මගේ ගින්දරට ඔයත් ඇද ගන්න බැරි නිසා තමා එදා මම ඔයාට බෑ කිව්වේ මගෙ මැණික ... කොහෙද ඉතින් අඬලා අඬලා මගේ හිතත් වෙනස් කලානේ..... දැන් ඔයාගේ කඳුළු දිහා බලාගෙන මං මේවා කරන්න හිත හදා ගන්නෙ කොහොමද ..... "
YOU ARE READING
💚❤️ TARGET ❤️💚 ( yizhan ff ) Complete ..
Fanfictionඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....
