දහතුන්වෙනි ඉලක්කය.. ❣️

4.5K 677 197
                                        

💚❤️ TARGET ❤️💚 .....

යීබෝ ඇමතුම අවසන් කර සිනාසෙමින් ජාන් අසලින් අසුන් ගත්තේය ....ඔහු තවමත් සිටින්නේ බිම බලාගෙනයි...

",ඇයි දේදූ මම ඉන්නවට කැමති නැද්ද..."

යීබෝ සිනාසෙමින් ඔහු දෙස බලාගෙනම ඇසුවේය ...

" කමක් නෑ බෝදි..... ඔයාගෙ ඇනා පව්නේ... ඔයා යන්න.... මම දැන් කාලත් නේ ඉන්නේ මම නිදාගන්නම් ...."

ජාන් මේ තවමත් කතා කරන්නේ දෑස් බිමට යොමු කර ගෙනයි ...

" එයාට මං නැතුව නම් ඉතින් පාළු හිතෙයි තමා ඉතින්..."

යීබෝ මවාගත් වේදනාවකින් කීවේය ..

" ඒකනේ අර තියෙන්නෙ කී එක... මගෙ කාර් එක අරගෙන යන්න..."

ජාන් තවමත් මුහුණ ඔසවන්නට සූදානමක් නැත...

මම ඉන්නම් දේදු.....මම නැතිවුනාට ඉතිං එයාට papa ඉන්නවා නේ ..."

ජාන් ප්‍රශ්නාර්ථ බැල්මක් සමගින් යීබෝ දෙස බැලුවේය ... ජාන්ගේ දෑස් වල සියුම් තෙතමනයක් ඇති බව යීබෝ දුටුවේය ...

" ඉතිං එයා පපාගෙ වයිෆි නේ.... "

යීබෝ කවදාවත් නැති හුරතල් පෙනුමකින් ජාන් දෙස බලාගෙන කීවේය ....

" මමාටද ඔය සුදූ කියලා කතා කරේ ...."

ජාන් දෑස් විසල් කරගෙන පුදුමයෙන් මෙන් ඇසුවේය ...

" හ්ම්ම්.. එයා මගෙ සුදු ඇනා කෙල්ල .... අපි දෙන්න හොදම යාළුවො වගේ තමයි ඉන්නේ... දන්නවද දැන් එයා මට මොකක්ද කිව්වේ කියලා ..."

ජාන් හිස සැලුවේය ..

" කෙල්ලෙක් එක්ක නං ඉන්නේ එයා මතක් කරන්න කිව්වා කියන්නලු..."

යීබෝ සිනාසෙමින් කීවේය ...

" නිතරම එහෙමත් ඉන්නවා ඇති ඒකනෙ මමා එහෙම කියන්නේ ..."

ජාන් යලිත් අහක බලාගෙන කීවේය ... ජාන්ගේ මේ හැසිරීමට යීබෝට සිනා නොවී සිටිය නොහැකි විය ... ඔහු දැන් කුඩා දරුවෙකු මෙනි ....

" මම කෙල්ලෙක් හොයාගන්නෙ නැති හින්දා තමා එයා ඔච්චර දුකෙන් ඉන්නේ .... එයාට මාර අමාරුවක් තියෙන්නෙ මට girlfriend කෙනෙක් නැති හින්දා...."

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Место, где живут истории. Откройте их для себя