එකොළොස්වන ඉලක්කය .. ⚾

4.1K 675 109
                                        

💚❤️ TARGET ❤️💚 ..... ( බෝනස් 😊)

📲📲📲📲📲

" ඔයාට එන කෝල් එක මට වැදගත් වෙන්නේ කොහොමද ...."

යීබෝ කුතුහලයෙන් ඇසූ විට ජාන් ඇමතුම සම්බන්ධ කරගෙන speaker on කළේය ..

" හෙලෝ මිස්ටර් ජාන්...."

යීබෝට ඒ හඩ අසා පුරුදු බවක් දැනුනි .. ඒ නිසාම ඔහු හොඳින් සවන් දෙන්නට පටන් ගත්තේය ...

" ඇයි ඔයා මට ආපහු කතා කරන්නේ ..මම එදා කිව්වා අනන්‍යතාවයක් නැතුව කිසිම කෙනෙක් එක්ක මම කතා කරන්නේ නෑ කියලා ..."

ජාන් පැහැදිලි සහ ස්ථාවර හඬින් කීවේය ..

" අපි මුණගැහිලා කතා කරමු මිස්ට ජාන් ... මොකද අපි දැන් ටිකක් අවදානමක ඉන්නේ ... අපේ අලුත් CEO ඕනවට වැඩියි ... ඉතින් අපි කැමතියි ඔයාට උදව් කරන්න ..."

යීබෝ හඩ හදුනා ගත්තේය .. ඒ වගේම ජාන්ට අතින් කැමතිවෙන්න යැයි කීවේය ...මේ මිස්ටර් ලියන් ලයි තඩියා බව යීබෝ දැනගත්තේය ...

",මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ ..."

ජාන් සෘජුව ඇසුවේය ..

" ස්ටාර් ලයිට් එක ඇතුලේ අපි කරගෙන ගියපු සයිඩ් බිස්නස් ටිකක් තියනවා .. ඔබතුමාටත් වාසියක් වෙන විදිහට අපිට ඒ ටික continue කරගන්න උදව් කරන්න ..."

යීබෝගෙ අත් මිටමෙලවී ගියේ ඇතිවූ කේන්තිය ටයි .... ජාන් එය දුටුවේය ...

" හොඳයි හැබැයි මම කියන තැනට මම කියන වෙලාවට එන්න ඕන ..."

ජාන් යීබෝ දෙස බලාගෙන කීවේය ... යීබෝ මහපටැගිල්ල පෙන්වීය..

" මේ නම්බර් එක තමා මගේ ..කැමති වෙලාවක මට කතා කරලා තැනයි වෙලාවයි කියන්න ...."

ඇමතුම අවසන් විය ... ජාන් යීබෝ තියුනු බැල්මක් හෙලුවේය ...

" මනුස්සයාව අඳුරනවද ..."

ජාන් ඇසුවේය ...

" ඔව් ... directer board එකේ පොරක් ..."

යීබෝ බිම බලාගෙන කීවේය .... ජාන් ටිකවෙලාවක් යීබෝ දෙස බලා හිද ....

"මම මිනිහව හම්බවෙන්න යනකොට ඔයාව දැනුවත් කරන්නම් .. මට ඔයාගේ බිස්නස් වලින් ලාභ ගන්න කිසිම අවශ්‍යතාවක් නැහැ ... හැබැයි මට ඔයාට කියන්න දෙයක් තියෙනවා .. මම හිතන්නෑ ඒක කියන්න මේ තමා වෙලාව කියලා.. බෝදි මාව විශ්වාස කරනවා කියලා මට දැනිච්ච දවසට මම ඒක කියන්නම් .. එතකල් මේ වෙන දේවල් දිහා බලාගෙන ඉන්න ... මම ඔයාට කිට්ටු උනේ ඔයාගේ බිස්නස් නිසා නෙමෙයි කියන එක මතක තියාගන්න ... අනික ඔයා බිස්නස් එකේදි මීටවඩා සැලකිලිමත් වෙන්න බෝදි....."

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Место, где живут истории. Откройте их для себя