තිස්වෙනි ඉලක්කය ....💣

3.7K 585 164
                                        

💚❤️ TARGET ❤️💚 ......

" හෙලෝ මයිකල්...."

කාර්‍යාලය තුල සිටි යීබෝ ඇමතුම සම්බන්ධ කරගත්තේය ....

" ලොක්කා ඔන්න මට ටික දවසක් ගියා තමයි හැබැයි මම වැඩේ ගානට කරා ..."

දින කිහිපයක සිට යීබෝ බලාපොරොත්තුවෙන් සිටි පණිවිඩය ලැබුණි ....

" නියමයි මයිකල් ... එහෙනම් දැන් අපි වැඩේට බහිමු ...."

යීබෝ ෂූයෑන්ග් හට මහපට ඇඟිල්ල උස්සා පෙන්වන අතරම දුරකථනයට පිළිතුරු දුන්නේය ...

" කොහොමද වැඩේ වෙන්න ඕනේ ලොක්කා ...."

" මෙහෙමයි මයිකල් ... ලියන් ලයි හෙට උදේ වැඩට ආවට පස්සෙ තමා ඔය ටික උගේ ගෑණිට ලැබෙන්න සලස්වන්න ඕනේ ...අර පැත්තට කරන වැඩ ටික හිමීට කරමු ..... බෙයිජිං යන ටයිම් එක හරියටම අපි දන්න නිසා ඒකත් ගෑනිට කියමු ...."

යීබෝ කීවේය ...

ලියන් ලයි... ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉඳගෙනම ආයතනයට හතුරුකම් කරන හතුරා.... ඔහුටත් නොදැනීම උගේ වටපිටාව විනාශ කරන්නට මේ වන විටත් යීබෝ සියල්ල සූදානම් කර අවසන් ය ... විශේෂයෙන්ම මේ දිනවල කුවාන් සමඟ නීතරම ගැටුම් ඇති කරගන්නට උත්සාහ කරන්නේද ලියන් ලයි සහ හෙලේනා බව යීබෝ හොඳින්ම දන්නා කරුණකි ...

කුවාන්ගේ තත්ත්ව පරීක්ෂාව යටතේ මේ වන විට ඕඩර් කිහිපයක්ම කිසිදු කරදරයක් නොමැතිව විදේශ ගත කරගන්නට යීබෝට හැකිවිය... එමෙන්ම ලියන් ලයි ගේ සහ ලී ෂියන්ග් ගේ චක් ගෝලයන් කිහිපදෙනෙකු ඔවුන්ටත් නොදැනිම සේවාවෙන් බැහැර කර ගන්නටත් යීබෝ සහ ෂූයෑන්ග් සමත්විය... මේ හැමදේකම masterplan වල ගෞරවය හිමිවිය යුත්තේ ජාන්ටයි....

යීබෝ ජාන්ට ඇමතුමක් ගත්තේය ....

" බෝදි බබා....."

" ඔයා වැඩකද...."

" කියන්න ..... ලොකු වැඩක් නෑ..."

" මට ඉතින් ඔයාව මතක්වුනා දේදු....."

" තව ටිකකින් ලන්ච් වලට එනවද...."

ජාන් ඇසුවේය ...

" ඇයි එන්න එපාද.....'"

" බෝදි........ "

" අහන්නකො දේදු....මයිකල් අර පොටෝ ටික එහෙම අරගෙන ... '"

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ