💚❤️ TARGET ❤️💚 .......
",වෙලාව පාන්දර එකයි මචංලා.... යමුද..."
යීබෝ ජාන්ව වැළදගෙන තවමත් සොහොන්කොත අසලටවී සිටින නිසා ෂූයෑන්ග් වාහනයෙන් බැස එතැනට ආවේය .... ෂූයෑන්ග් ගේ හඩින් ජාන් හිස ඔසවා බැලුවේය ... යීබෝගෙ බැන්ඩේජ් කරන ලද හිසත් අතත් පාදයත් දුටු සැනින් යලිත් වියලී ගිය කදුලු වැල් අලුත්විය ...
" දේදු ඒක වෙලා ඉවරයිනේ... දැන් යමුද.... මට හරිම අමාරුයි අප්පා .... සිහිය ආපු ගමන් මේ ඔයාව හොයන්නෙ ."
ජාන් ඉක්මනින් නැගිට යීබෝව දෝතට ඔසවාගත්තේය ... ෂූයෑන්ග් කිසිත් නොකියා සිනාසෙමින් වාහනය පනගැන්වීය .. ජාන් යීබෝ සමඟින් පසුපස අසුනට ගොස් යීබෝව පරිස්සමෙන් ආසනය මතින් තබා ඔහු අසලින්ම වාඩිවිය...
" ගොඩාක් රිදෙනවද බෝදි....."
යීබෝ ජාන්ගේ උකුල මතින් හිස තියාගත්තේය ... ජාන් ඔහුගේ දිගටි ඇඟිලි වලින් ඒ හිස අතගාන්නට පටන්ගත්තේය .... තවත් කතාකරන්නට ශක්තියක් නොතිබුනු යීබෝ සෙමින් ඒ දෑගිලි වල පහසට දෑස් පියාගත්තේය ....
" ග්‍රවුන්ඩ් එකේ අවුලක් උනේ නෑ නේද ෂූයා ....."
යීබෝ නිදාගත් පසු ජාන් ෂූයෑන්ග් සමඟ කතාකලේය ..
" නෑ නෑ... ඔක්කොම ෂේප් ... ඔයා කිව්ව විදිහට ෆෙයිට බැන්ඩේජ් එකක් දැම්මා... ඔයාගෙ පොලිසියේ යාලුවා ඒ පැත්ත බැලුවා ..... "
",මමයි පපයි මොකෝ..."
ජාන් යලිත් ඇසුවේය ...
" දෙන්නම ගෙදර ගියා... දැන් ටිකකට කලිනුත් කතාකලා...."
" මාව හොයාගත්තෙ කොහොමද ෂූයා ...."
ඇත්තෙන්ම එය ජාන්ට ගැටලුවකි..ඔහු වාහනය නතරකලේ කිසිදු සලකුණක් සොයාගන්නට නොහැකි තැනකය... අනෙක දුරකතනය ක්‍රියා විරහිත කලේය...
" යීබෝ මා එක්ක වාහනේ ලඟට ඇවිත් බැලුවා කිසිම දෙයක් හොයාගන්න බැරිවුනාම එතනම ටිකක්වෙලා හිටියා... පස්සෙ යමං ගෙදර කියලා අපි ඔයාලගෙ දිහාට ආවා... ඔයාගෙ ලැප් එක ඔන් කරලා... ඔය වොච් එකේ මොකක් හරි ගැජට් එකක් එක්ක කනෙක්ට් උනා...."
ජාන්ගේ මුවඟට සිනාවක් නැඟුනි.... තමන්ගේ ක්‍රම දැන් යීබෝ හොදින් දන්නේය...
YOU ARE READING
💚❤️ TARGET ❤️💚 ( yizhan ff ) Complete ..
Fanfictionඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....