❤️💚 TARGET ❤️💚 .......
ජාන් නිවසින් පිටත්වී විනාඩි පහලවක් පමණ ලී ෂියන්ග් ගේ වාහනයේ ගමන්කරන්නට ඇත.. ලී ෂියන්ග් සහ තවත් ජාන් දැක නොතිබුණු මිනිසුන් දෙදෙනෙකු එහි සිටියේය ... ගුවන් තොටුපළට ළඟා වීමට තිබුනේ තවත් විනාඩි 10ක පමණ කාලයක් පමණි ... කොරියාවට ගිය විගසින් කරන්නට තිබෙන කටයුතු පිළිබඳව සාකච්ඡා කරමින් ඔවුන් ගමන් කරන අතර ජාන්ගේ දුරකථනයට ඇමතුමක් ලැබුණි ... එය ජාන් දන්නා නම්බරයක් නොවුනත් ඇමතුම සම්බන්ධ කර ගත්තේය ...
" හෙලෝ ජාන් සර්... මම මේ කතා කරන්නේ ඇලෙක්ස් ..."
මේ ජාන්ගේ අත්‍යවශ්‍ය ඔත්තු සේවාවන් සපයන පුද්ගලයාය ...ඔහු සාමාන්‍යයෙන් මැරයෙකි .. බොහෝවිට කොන්ත්‍රාත් ක්‍රමයට ඔහු මැරකම් කරන්නේය ... ඔහු යටතේ ගෝලයන් හතර පස් දෙනෙකු සිටී ... හැබැයි අනිවාර්යයෙන්ම ගෝලයෙකු විසින් වැඩක් සිදු කළ පසු එහි තොරතුරු ලබාගැනීම ඇලෙක්ස්ගේ පුරුද්දකි ....
" ඔව් කියන්න මොකක් හරි හදිස්සියක්ද ..."
" සර් කොහෙද ඉන්නේ සර් සර්ගේ වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ද ..."
ඇලෙක්ස් ඉතාමත් කලබලයෙන් කතා කරන නිසාවෙන් ජාන් ඉක්මනින් පිළිතුරු ලබා දුන්නේය ...
" නෑ ඇලෙක්ස් මම කට්ටියක් එක්ක කොරියන් යන්න airport යන ගමන් ඉන්නේ ...මොකක්ද ගැටලුව ....."
" ................... නම්බර් එක තියෙන්නේ සර්ගෙ වාහනය නේද ...."
" ඔවුන් ඇලෙක්ස් මොකක්ද ප්‍රශ්නේ ..."
"සර් මේ දවස් ටිකේ වාහනය පාවිච්චි කරන්නෙ නැත්නම් ප්‍රශ්නයක් නැහැ..මම ශේප් එකේ ඒක විසඳලා දාන්නම් ... "
ජාන්ගේ මුළු සිරුරටම දාඩිය දමන්නට පටන් ගත්තේ යතුර යීබෝ ඉල්ලා ගත් බව මතක් වූ නිසාය ...
" මොකද්ද උනේ කියලා කියන්න වාහනය කෙනෙක් පදිනවා ..."
ජාන් තරමක් නොසන්සුන් හඬින් පැවසුවේය ... වාහනය තුල සිටින සියලු දෙනාමත් මේ දෙසට අවධානය යොමු කළ නිසාවෙන් ..ජාන් තරමක් සන්සුන් වන්නට උත්සාහ කළේය...නමුත් සියලුම දෙනා ජාන්ගේ වෙනස හොඳින් හඳුනා ගත්තේය ...
VOCÊ ESTÁ LENDO
💚❤️ TARGET ❤️💚 ( yizhan ff ) Complete ..
Fanficඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....