❤️💚 TARGET ❤️💚 ....
" දේදු..... මම ගිහාම ඔයාගෙ වැඩ කරගන්නෙ කොහොමද ...."
යීබෝ ජාන් අසලින් වාඩි වෙමින් ඇසුවේය ...
" කමක් නෑ බෝදි.... මට කන්න මොනවා හරි ඕඩර් කරල ළඟට ගෙනත් දීලා යන්න.... "
ජාන් සිනාසෙමින් කීවේය .. නමුත් ඒ සිනහව තුළ තනිකම , වේදනාව , පාලුව , අසරණකම යන සියල්ලම යීබෝ හොඳින් හඳුනා ගත්තේය ...
" හරි මම යන්න ඉස්සරලා යමු වොෂ් දාන්න ... "
යීබෝ ඇඳ සිටි කමිසයේ අත් දෙක උඩට ඔසවන ගමන් කීවේය ... ජාන් පුදුම වී ඒ දෙස බලා සිටියත් ඔහුගේ මුවගට සිනහවක් නැගුණි ...
" කෝ ඉතිං එන්න අයියෝ Rainbow Garment එකේ CEO වපොඩි ළමයෙක් වගේ වඩාගෙන යන්න උනා නේ ..."
යීබෝ ජාන්ව දෝතට ගනිමින් කීවේ ය ... ජාන් අසරණ ලෙසින් සිනාසුනේ වෙන කියන්නට කරන්නට දෙයක් නැති නිසාය ...
" මාව ඔහොම තියලා යන්න ... මට ටවල් එක ගෙනත් දෙන්න ... ඉවර උනහම මම කතා කරන්නම් ...."
වොෂ් රූම් එක තුලදී ජාන් කීවේය ...
" හරි එහෙනම් කකුල තෙමාගන්න එපා ...."
යීබෝ ඉන් පිටතට ආවේය ... යලිත් ටවල් එක ඔහු අතට දී දොරත් වසා කාමරය පුරා ඇවිද බැලුවේය .. සියල්ල පිලිවෙලට නිසි අයුරින් තබා ඇත.... අඩුම කිලිටි ඇදුමක් වත් අපිලිවෙලට දමා නැත...
" බෝදි...... "
ජාන්ගේ හඩට යීබෝගෙ මුවඟට සිනහවක් නැගුනි.... ඔහු ඉක්මනින් වොෂ් රූම් එක අසලට ගියේය ... දුන් තුවාය හැදගෙන කකුලත් ඔසවාගෙන සිටින ජාන්ව දුටුවිට නම් යීබෝ තරමක් සසල වී ගියේය... කිරි සුදුපාට පපුව සහ රෝස පැහැති නිපල්ස් යීබෝගේ පියවි සිහිය නැතිකරන්නට සමත්විය.. නමුත් යීබෝ ඉක්මනින් ශාන්ව අල්ලාගත්තේය ....
" උස්සන්න ඕනෙ නෑ බෝදි ... හෙමීට මාව අල්ලගන්නකො......"
ජාන් යීබෝගෙ ඇඟට හේත්තුවෙමින් කීවේය ....
" නෑ... නෑ කකුල පෑරුනොත් එහෙම ... ඔහොම ඉන්න...."
යීබෝ යලිත් ජාන්ව ඔසවාගෙන කාමරයට රැගෙන ගියේය ... ඇදමතින් ජාන්ව හිදුවා ඔහුට රාත්රී ඇදුමක් ගෙනැවිත් ලඟට දී ...
BẠN ĐANG ĐỌC
💚❤️ TARGET ❤️💚 ( yizhan ff ) Complete ..
Fanfictionඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....
