අටවෙනි ඉලක්කය .... 💕

4.3K 674 223
                                        

💚❤️ TARGET ❤️💚 .......

උදෑසන වරුවම යීබෝ ගතකලේ තරමක් නොසන්සුන් ලෙසිනි ... නමුත් ඔහු වෙනදාට වඩා ආයතනය වැඩකටයුතු ගැන සැලකිලිමත් වන්නට උත්සාහ කළේය .... වෙනදාට කවුරුන් හෝ ගෙනෙන ෆයිල් එකක් උඩින් පල්ලෙන් බලා අත්සන තැබුවත් අද ඔහු එසේ කළේ නැත ...

" මේක එතකොට කවද්ද සක්සස් වෙන්නේ ..... ඇයි මෙතන හරියට ගානක් දාලා නැත්තෙ ..... මේ design එක කවද්ද ඔඩිට් කරන්නේ ..... "

ඔහු නොයෙක් ආකාරයේ ප්‍රශ්න අසමින් ලිපිගොනු ඉතා හොඳින් අධීක්ෂණය කිරීමෙන් අනතුරුව අත්සන් කරන්නට පටන් ගත්තේය ... මෙය කිහිප දෙනෙකුට නම් ගැටලුවක් බවට පත්වී තිබුණි ... යීබෝගෙන් අත්සන් ගන්නට ඔෆිස් එකට ඇවිත් යන කිහිපදෙනක් තැන් තැන්වල කසු කුසු ගාන්නට පටන්ගත්තේය ...

" යීබෝ .... උඹේ උනන්දුව මරු ..."

ඔහුට යාබද මේසයේ සිට මේ සියල්ල දෙස බලා සිටී ෂූයෑන්ග් පැය කිහිපයකට පසුව යීබෝ අසලට පැමිණ කීවේය ...

" මට කම්පැණිය නැති කරගන්න බෑ ... පපා මොන තරම් අමාරුවෙන්ද මේවා ගොඩ නැඟුවේ .... හිමීට හැමදේම සෙට්ල් කරන්න ඕනේ ..."

යීබෝ කල්පනාකාරී ලෙසින් කීවේය .... මිස්ටර් වන්ග් එසේත් නොමැතිනම් යීබෝගෙ පියාද පරම්පරාවෙන් පැවත එන පොහොසතෙකු නොවේ .... ඔහු මෙම තත්ත්වයට පැමිණ ඇත්තේ විශාල බාධක රාශියක් පසුකරගෙන බව යීබෝ දන්නේය ....

*************

සවස 2ට පමණ යීබෝ මග බලාගෙන සිටි කෙටි පණිවිඩය ලැබුණි....

" කීයටද ෆ්‍රී වෙන්නෙ hickey බබා 😊....."

යීබෝ එය දෙස සෑහෙන වෙලාවක් බලා සිටියේය ... අවසානයේ මුවඟට නැඟුනු සිනහවක් සමගින් ම ජාන්ට පණිවිඩයක් යැව්වේය ...

" තව පැයකින් පස්සේ පස්සේ මම ඕනේ වෙලාවක ෆ්‍රී දේදුනු 🌈 ....."

යලිත් විනාඩි පහකින් පමණ මැසේජ් එකක් ආවේය ....

" එහෙනම් තුනහමාරට මාව අරගන්න එන්න ....."

එය දැක යීබෝට කේන්තියක් ඇති විය ... දැන් තමන්ට ඔහුගේ රියදුරු වන්නටත් සිදුවී ඇතිදැයි යීබෝට සිතුනි...

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Место, где живут истории. Откройте их для себя