විසි අටවෙනි ඉලක්කය ... 💓

3.9K 606 294
                                        

❤️💚 TARGET ❤️💚 .....

🌞 🌞🌞🌞🌞

දීර්ඝ රාත්‍රියකට පසු සුන්දර ශනිදා උදෑසනක් සනිටුහන් කරමින් වන්ග් නිවසෙහි ගෙමිදුලටත් සූර්‍යාලොකය පතිතවූයේ ආදරණීය යුවලකගේ නින්දටද අකුල් හෙලන්නට සූදානම් ලෙසිනි...මුලින්ම දෑස් හැරියේ ජාන් ය... ඔහු තවත් ටික වෙලාවක් යීබෝගෙ නිරුවත් පපුවෙහිම මුහුණ හොවාගෙන ඒ උණුසුම හොදින් විදගත්තේය ... පෙරදා රාත්‍රියෙහි ජාන් විසින් තබන ලද ආදරනීය සලකුණු කිහිපයක් යීබෝගෙ පපුව සහ බෙල්ල මත පැහැදිලිව දැකගන්නට හැකි විය ... ඒත් සමඟම ජාන් ඔහුගේ පපුව දෙස බැලුවේය ... දුක් වන්නට කාරනාවක් නැත ඒ පපුව මතත් අපූරු සිතුවම් කිහිපයක් සටහන් වී තිබුණි ....

"බෝදි බබා...... බෝදි මැණික ....."

යීබෝගෙ පපුව මත හාදු කිහිපයක් තවරමින්ම ජාන් යීබෝව අවදිකලේය ...

" වෙලාව කීයද දේදු....."

ජාන්ව තව තවත් ඔහුගේ පපුවට තෙරපා ගන්නා ගමන් ම යීබෝ ඇසුවේය ..

" හයයි ....."

" ඇයි දේදු මෙච්චර උදෙන් නැගිටගෙන...හතහමාරට ගිහාම හොඳටම ඇති ... එහෙටත් වඩා මෙතනින් ලඟයි නේ ...."

යීබෝ කෙදිරිගාන්නට පටන්ගත්තේය ...ජාන් කිසිවක් කියන්නට ගියේ නැත..... ඔලුව ඔසවා යීබෝගෙ මුහුණ දෙස ටිකවේලාවක් බලා සිටියේය ..

" මගෙ ලස්සන තවමත් බලලා ඉවර නැද්ද දේදු මැණික ...."

ජාන්ගේ නලල මත උණුසුම් හාදුවක් තියමින් යීබෝ ඇසුවේය ....

" ඔයා තමයි මේ ලෝකේ ඉන්න ලස්සනම බෝයිෆ්‍රෙන්ඩ් බෝධි ...."

ජාන් යීබෝගෙ කම්මුලක් සිපගනිමින් කීවේය .... ජාන් යීබෝගෙ කම්මුල් සිඹින්නට වැඩි කාලයක් ගතකරයි.... කම්මුල මත දෙතොල් තියද්දී ඔහුට මතක්වන්නේ රෝසපාට මාෂ්මෙලෝස් කැබැලි කිහිපයකි.... කම්මුලට දෙතොල තබාගෙන සෑහෙන වේලාවක් හිද ජාන් දෙනෙත් හැරියේය ....

" මගෙ දේදු තමයි මේ ලෝකෙ ඉන්න හොට්ම බොයිෆ්‍රෙන්ඩ්...."

යීබෝ සිනාසෙමින් කීවේය .... තවත් විනාඩි කිහිපයකට පසු දොරට තට්ටුකරන ශබ්දයක් ඇසුනි ...

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Tempat cerita menjadi hidup. Temukan sekarang