❤️💚 TARGET ❤️💚 .......
" නෑ නෑ අපේ වැඩ වලට අපි යන්න ඕනේ ... කවුරුවත් කම්පැනියෙ මට ෂුවර් නෑ ... මම යන්න රෙඩි වෙන්නම්... පපා මට ටිකට් බුක් කරන්න ...."
යීබෝ ස්තීර ලෙසින් කීවේය ...
ජාන් කිසිවක් නොකියා ආහාර ගත්තේය .... දැන්නම් මේ හොදටම ඇති බව ඔහුට සිතුනි....
" යීබෝ තව පාරක් හිතන්න... ඔයා අසනීප වෙලා හොඳ වුනා විතරයි ... යනවනං යන ගමනක් ජාන්වත් එක්ක යන්න ...."
ඇනා බැරිම තැන කීවේය ...
" බෑ මමා... එයාට දැන් දවස් ගානකින් කම්පැනිය වැඩ අතපසු වෙලා තියෙන්නේ ...එයා හෙට ඉඳලා ඔෆිස් ගියපුදෙන් ...මම දවස් පහකින් එනවනේ.... ජීවිත කාලෙම අත ඇරලා යනවා නෙමෙයි නේ..."
යීබෝ ආහාර ගෙන අවසන්ව උඩුමහලට ගියේය ... ඇනා සහ වන්ග් අසරණ වුණු දෙනෙත්වලින් ජාන් දෙස බලා සීටින්නට විය....
"එයාගේ කේන්තිය තාම නිවිලා නෑ වගේ පුතා ...අපි මේ ටිකත් ඉවසමු ... "
වන්ග් ජාන්ගේ හිස අතගාමින් කීවේය .... ජාන් කිසිවක් කීවේ නැත... උඩුමහලට ගියෙත් නැත... මිදුලට වී සවස්වන තුරුම හිද උඩුමහලට ගියේ යීබෝ පිටත්වූ පසු ඔහුගේ නිවසට යනබවට තදින් සිතාගෙනයි ...
ජාන් පැය කිහිපයක් ම මිදුලට වී ලැප් එකෙන් ඔන්ලයින් රාජකාරි කිහිපයක් සිදුකරන අයුරු යීබෝ බලා සිටියේය .... නමුත් තවමත් ඔහු ජාන් සමඟ කතාකරන්නට සූදානම් නැත... ජාන් උඩු මහලට එන විට ඔහු ලන්ඩන් ගෙන ගෙනයන්නට ඔහුගේ ඇඳුම් බෑගය සූදානම් කරමින් සිටියේය ..ඒ දෙස ටික වේලාවක් බලා සිටි ජාන් ඔරලෝසුවෙන් වෙලාව බැලුවේය ....සවස 6ත් පසු වන්නට ආසන්න වී ඇත .... යීබෝ කීයට යන්නේ ද කියා වත් ජාන් දන්නෙ නැත ...
" බෝධි මම ගෙදර යනවා ..."
ජාන් තුවායත් රැගෙන වොෂ් රූම් එකට යන අතරතුර සෙමින් කීවේය ...යීබෝ පිළිතුරක් දුන්නේ නැත...
ෂවර් එක යට හිදගත් ජාන් මේ පැන කිහිපයේම ඔහුගේ දෑස් යට හිර කර ගෙන තිබුනු කඳුළුවලට ඔහේ ගලා යන්නට ඉඩ දුන්නේය.... යීබෝ සමගින් මේ ගෙවූ මාසයට පෙර ඔහුව වෙලාගෙන තිබුණු තනිකම යළිත් ඔහු අසලට පැමිණ ඇති බව ඔහුට දැනුනේය..... තමන් එදා කරන්නට ගිය වරදෙහි බරපතළකම දැන් නම් ඔහුට හොඳටම වැටහී තිබුනි ...
VOCÊ ESTÁ LENDO
💚❤️ TARGET ❤️💚 ( yizhan ff ) Complete ..
Fanficඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....