විසි දෙවෙනි දිගහැරුම .. 🎯

3.1K 578 156
                                    

❤️💚 TARGET ❤️💚 .......

" දැන් එතකොට උඹලා දෙන්නා ජෝඩු දාලා යනවා හෙට රෑ...."

ෂූයෑන්ග් මේ කියවන්නේ අද උදෑසන සිටයි... ඔහුට ඉතින් මේ පිළිබඳව දුකක් ඇතිවීම සාදරනය... වෙනදාට යීබෝ කොහේ ගියත් ෂූයෑන්ග් අනිවාර්යයෙන් එතැන සිටියේය .. ඉතින් හෙට ඔහු ජාන් සමඟ යනවිට එතැන පොඩි ඊර්ෂ්‍යාවක් මිශ්‍ර දුකක් හටගැන්ම පුදුමයක් නොවේ....

"හෙට රෑ කෝච්චියේ යන්නෙ මචං ... මං මේ කෝච්චියක යන පළවෙනි වතාව..."

යීබෝ ආශාවෙන් කීවේය ..

" උඹට නං දැං ඉතින් කරත්තෙක ගියත් මේකට මං ආසායි කියයි අර දුන්න ඉනේ ගහගෙන යන නිසා...."

ෂූයෑන්ග් කෑගැසුවේය ...

" මොන දුන්නද බං...."

" දේදුන්න...."

" මේ හු#$% ... මගෙ දේදුට එක එක නම් හදන්නෙපා ඔන්න... අර උඹ පැණි හලන්නෙ කොලිටියා... ඌට ඕනෙ එකක් හදාගනින්..."

අවසානයේ දෙදෙනාම සිනාසුනේය ...

" මං සෙනසුරාදා යනවා ඇනා කෙල්ල බලලා එන්න..."

ෂූයෑන්ග් එසේ කී විට යීබෝ ක්ෂනිකව හිස එසවීය ...

"අම්මෝ.... නියමයි ... උඹගෙන් A to Z විස්තර ටික අහගනී... උඹට මොන මොනවා හරි හදලා දීලා...."

තම මවගෙ හැටි හොදින්ම දන්නා යීබෝ කීවේය ... ෂූයෑන්ග් සහ තම මව එක්වූ විට එතන වෙනම ලෝකයකි....

" උඹ ඉතින් එයාට හැමදේම කියලනෙ තියෙන්නෙ... ඔය ඉතින් උඹ නොකියපු මොන මොනවා හරි මගේ අතින් කියැවේයි එච්චරයි...."

⏳⏳⏳⏳⏳⏳

"මේක මට අලුත් අත්දැකීමක් දේදු..."

ට්‍ර්‍රේන් එක තුල අසුන්ගත් යීබෝ කීවේය .... ඔවුන් මේ ලුෆෙන්ග් යන්නට පිටත්වන්නේ රාත්‍රී දහයට ඇති කෝච්චියෙනි.... ෂූයෑන්ග් විසින් ඔවුන්ව ස්ටේෂන් එකට ගෙනැවිත් හැරියේය .. මේ වනවිට ජාන් සහ ෂූයෑන්ග් ද මිතුරන් ය.... ජාන් විසින් පළමු පන්තියේ ආසන වෙන්කරවා ගත්තේද යීබෝ මේ මෙවන් ගමනක් යන පළවෙනි අවස්ථාව නිසාය...

සෙමින් සෙමින් ඇදුනු දුම්රිය දැන් මදක් වේගයෙන් ගමන් කරයි.... ඔවුන් සිටින මැදිරිය හතරදෙනෙකුට සිටිය හැකි උවත් ජාන් එය සම්පූර්ණයෙන්ම වෙන්කරවා ගත්තේය..... දෙදෙනා දැන් මුහුණට මුහුණ ලා වාඩුවී සිටී... අන්ධකාරය නිසා අවට සිරි නරඹන්නට නොහැකිය... ජාන් ආසනයේ පසෙකට වී වාඩිවී ලැප් එක සමඟ කුමක් හෝ බරපතල රාජකාරියකි...

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Donde viven las historias. Descúbrelo ahora