හතලිස් හයවෙනි ඉලක්කය ....🛡️

2.4K 472 163
                                    

❤️💚 TARGET ❤️💚 .........

යීබෝ ජාන් සමඟ ඔහුගේ කැබින් එකට එද්දී ෂූයෑන්ග් ,කුවාන් මෙන්ම ජියැං ද ඒ තුල ඔවුන් බලාපොරොත්තුවෙන් සිටියේය ...

" වැඩේ හරිද...."

යීබෝ ෂූයෑන්ග් ගේ කම්පියුටරයට එබෙමින් ඇසුවේය ....

" දැන් පොලිසියෙන් එයි......ඔය තියෙන්නෙ බලාගන්න..."

ජාන්ද ඒ දෙසට නෙත් යොමුකලේය ... යවන්නට සූදානම් කර තිබූ පැකින් පෙට්ටි වල රඳවා තිබූ කුඩා කැමරා මඟින් ලොරිය මගින් නවත්වා පෙට්ටි කිහිපයක් බිමට ගන්නා අයුරුත් ඒවායෙ පැකින් ගලවා ගාමන්ට්ස් මාරුකරන අයුරුත් තවත් ගාම්න්ට්ස් කිහිපයක ලේබල් හිතාමතාම ඩැමේජ් කරන අයුරුත් යීබෝ නෙන්ම ජාන්ද දුටුවේය ...

" ඔය ඔතන ඉන්න සෙට් එකව දැන් ඇරස්ට් කරලා තියෙන්නෙ .... උං වමාරලා මේකෙ මහ එවුන්ගෙ නම්... දැං පොලිසිය ආවම ඒ පිලිලයත් ඉවරයි ...."

ෂූයෑන්ග් විස්තර කලේය.... යීබෝ සැනසුම් සුසුමක් හෙලුවේය .....

⏰⏰⏰

පැය භාගයක් පමණ යනවිට පොලිසියෙන් පොලිසියෙන් පැමිණියේය ...හෝටලය රැගෙන යන ලොරියේ හිටපු ගෝලයින් තිදෙනා සහ සුපවයිසර් වරයා දුන් කට උත්තර වලට අනුව ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් ,තත්ත්ව පරීක්ෂකවරු තිදෙනෙක්, සාමාන්‍ය සේවකයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත්තේය ....

",බෝදි...ඒ කියන්නේ අපි හිතුවටත් වඩා ඉඳලා තියෙනවා සෙට් එකක් ..."

සියලුම වැරදිකරුවන් පොලිස් භාරයට පත් වන විට ආයතනයේ ප්‍රධාන දොරටුව අසල සිට ජාන් කීවේය ... මෙම සිදුවීම ආයතනයේ සියලුම සේවකයන්ට නැරඹීමට ද අවස්ථාව සලසා දුන්නේය ..එහි යටි අරමුණක් තිබුණි... තමන් මුදලක් උපයා ගන්නා ආයතනයට ද්‍රෝහීකමක් සිදුකරන පුද්ගලයන්ට කිසිම සමාවක් නොමැති බව සියලුම සේවකයන් අවබෝධ කරගත යුතුය .... අනිවාර්යෙන්ම ආයතනයක් තුළ ස්වාමියා සහ සේවකයන් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිවිය යුතුමය ....ඉතින් ජාන්ගේ බලකිරීමට ආයතනයේ සියලුම සේවකයන් රැස්වීම් ශාලාවට කැඳවා යීබෝ වර්තමාන තත්ත්වය පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන්නට සූදානම් විය ....

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Donde viven las historias. Descúbrelo ahora