විසිවෙනි ඉලක්කය .. 🎯

3.1K 581 351
                                    

❤️💚 TARGET ❤️💚 ....

" පපා..... කොහොමද මගෙ පපාට ...."

යීබෝ නිවසට ඇතුළු වූ වහාම පියා අසලට ගොස් ඔහුගේ සැපදුක පුරුදු පරිදි විමසන්නට පටන් ගත්තේය ...

",මම හොඳින් ඉන්නව දරුවෝ ... පැක්ට්‍රිය ඇතුළෙ ප්‍රශ්නෙ මම දැනගත්තා ...අලුත් quality manager කොහෙන්ද හොයාගත්තේ ... මිනිහා වැඩ කාරයෙක් වගේ ...."

වන්ග් සතුටින් කතා කරන බව යීබෝට අවබෝධ විය... මේ සියල්ල පසුපස සිටින්නේ තමන්ගේ ආදරණීය දේදු නොවන්නේදැයි යීබෝ ආඩම්බරයෙන් සිතුවේය ...

" පපා.... Rainbow Garment එකේ බෙයිජිං බ්‍රාන්ච් එකේ එක්කෙනෙක් ඔය... මට ජාන් තමයි ගෙන්නලා දුන්නෙ..."

යීබෝ පියා අසලින් අසුන් ගන්නා අතරම කීවේය ...

" එහෙනම් ඔය දෙන්නගෙ යාලුකම බොරුවක් නෙමෙයි ... කොච්චර හොඳද company company අතර තරහ නෙමේ තියෙන්න ඕන ... යාළුකම හිතවත්කම උදව් කර ගැනීම තමයි තියෙන්න ඕනේ එතකොට හැම ආයතනයක්ම දියුණු වෙනවා ...."

වන්ග් සිනාසෙමින් කීවේය ...

" papa ලේබල් ඩැමේජ් එක sigment එක අවුට් වෙනකම්ම හොයාගන්න බැරි වුනා නම් අපිට මේ පාරත් කෝටි ගානක පාඩුවක් වෙනවා ...."

යීබෝ පපාගේ හිස අතගාමින් කීවේය ...

" ඔයාගේ යාළුවව එක්කගෙන එන්න වෙලාවක ලන්ච් එකකට හරි ඩිනර් එකකට හරි... officially හම්බවෙලා කතා කරලා තිබුනට පෞද්ගලිකව හම්බවෙලා කතා කරලා නෑනේ ...."

වන්ග් එසේ කියන විට ඇනා ඈතින් හිඳ යීබෝ දෙස බලා ඇසක් ඉඟිමරමින් සිනාසුනේය ...

" මම කියන්නම් පපා... "

තවත් ටික වෙලාවක් පියා සමගින් දැනට ඩැමේජ් වී තිබෙන ලේබල් පාස් කරගන්නා කරගන්නා ආකාරය පිළිබඳව සහ ඒවා approval ලබා ගන්නා ආකාරය සාකච්ඡා කරමින් හිඳ යීබෝ ඔහුගේ කාමරයට ගියේය ...

" මේ.... ඔයා ෂේප් එකේ වන්ග් හවුස් එකටත් දේදුනු පායවන්න නේ හදන්නෙ...."

වොෂ් එකක් ගෙන කාමරයට එන විට සුපුරුදු පරිදි මව යීබෝගෙ ඇඳ මත වාඩි වී කියවන්නට පටන් ගත්තේය ...

" ඉතින් මොකද වෙන්නෙ අනේ..ඔයාගේ hot බෑනනේ.... "

"දැන් තවුසෙලා දෙන්න නිදිය ගන්නෙත් එකම ඇඳේ නම් තාම මොනවත් වුණේ නෑ කියලා මට කියන්න එපා ...."

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Donde viven las historias. Descúbrelo ahora