විසිහතර වෙනි ඉලක්කය 👨‍❤‍👨

3.1K 571 259
                                    

💚❤️ TARGET ❤️💚 .....

යීබෝ යන්නට ගියත් ජාන් ඉන්නා තැන හිටගෙනම ම එම ටැක්සිය ඈත නොපෙනී යන තුරු හිස් බැල්මකින් බලා සිටියේය ... යීබෝ මුලින් කතා කරන්නට පටන් ගත් මොහොතේ ගලන්නට පටන් ගත්තා කඳුළු තවමත් එලෙසින් ම ඔහුගේ දෙකොපුල් රූරා පහතට වැටෙමින් තිබුණි .... යීබෝ රැගත් වාහනය නොපෙනී ගිය පසු ජාන් යළිත් එම බංකුවේ ම වාඩි වී අත් දෙකෙන්ම හිස තදකරගෙන අල්ලා ගත්තේය ..

" මට සමාවෙන්න හයිකි බබා .. ඔයා දැන් සතියක් අඬයි මාසයක් අඬයි ... ඊළඟට ඔයා හිත හදා ගනියි .... මම මැරි මැරී ඉපදෙන්නම් ... මම හිතුවේ නෑ මගේ හිතේ ඔයා ගැන ඇතිවෙන හැඟීම් අනිත් අතට ඔයාගේ හිතෙත් ඇතිවුණා කියලා ...සෙල්ලක්කාර ඔයා මේ හැමදේම කරන්න සෙල්ලමට කියලා මම හිතුවේ ..."

ජාන් ඉකි ගසමින් තනියම කියවන්නට පටන් ගත්තේය ... ඒත් සමගම එතැනට බින් ආවේය ...

" අඩෝ ජාන්.... මොකද මචං මේ ...කෝ ඔලුව උස්සපන්.... ඇයි යකෝ මේ හරකෙක් වගේ අඩන්නේ.... කෝ කොල්ලා .... කතා කරපං මිනිහෝ ... මොකක්ද මෙතන සිද්ධ වුණේ ....."

බින් ජාන් අසල බිම දණ ගසා ගනිමින් කෑගැසුවේය ..ටික වෙලාවකට පසු හිස එස වූ ජාන් බින්ගේ උරහිස් මතින් අත් දෙක තියා ගත්තේ ය ...

" බෝදියත් මට ආදරේ කරලා මචං ... මට බෑ මගෙ මැණික ගින්දරට ඇදලා දාන්න ... මාව අත ඇරලා යන්න ගියා ... කොල්ලා සෑහෙන්න ඇඬුවා බිනා.... මගේ පපුව කෑලි කෑලි වලට කැඩිලා තියෙන්නෙ....."

ඉකිගැසීම අතරේම ජාන් කීවේය ...

" වෙච්ච දේ කියපන් බූරුවො ...."

බින් කෑගැසුවේය ...ජාන් යීබෝ කියූ සියල්ලම කඳුළු අතරින් ම බින්ට පැවසුවේය ....

" මගේ පපුව රිදෙනවා බිනා.... මග දිගට අඬ අඬ යයි දැන් කොල්ලා.... ඒත් මං මොනවද කරන්නෙ මම මගේ මමාටයි පපාටයි වෙච්ච පොරොන්දුවක් තියනවා .... "

" ජාන් මං කියන එක හොඳට අහගනින්... උඹේ මමයි පපයි අකාලේ මැරුණා තමා ... උඹේ ඇස් දෙක ඉස්සරහම ඒ මිනිස්සු මැරිලා ගියා තමා ...ඒත් උඹ විතරක් හරි ඉතුරු වෙච්ච එක ගැන ඒ මිනිස්සු කොච්චර සතුටු වෙන්න ඇතිද... උඹ හිතුවට උඹ හිතින් වෙච්ච පොරොන්දුවක් වෙනුවෙන් ඒ මිනිස්සු උඹ මැරිල ඒ මිනිස්සු ළඟට එනකම් බලාගෙන ඉදී කියලා මම නම් හිතන්නෑ කවදාවත් උඹේ අම්මයි තාත්තයි තමන්ගේ දරුවා ජීවිතය විනාශ කර ගන්නවට සතුටු වෙයි කියලා ... පලි ගනිං ඒක වෙනම දෙයක්.... හැබැයි උඹ මැරෙනවා කියන ආකල්පය වෙනස් කරගනිං.... උඹ දැන් කියනවා බෝදි ඔහොම අඬලා අඬලා හිත හදා ගනියි කියලා.... ඌටත් උඹට වෙච්ච දේ වුනොත් එහෙම මොකද කරන්නේ .... මහරෑ උඹේ හිතේ තියෙන පීඩනය අඩු කරගන්න බැරුව ගිනි වතුර උඹේ බඩට වක් කරගත්ත වගේ ඒ කොල්ලට ඒ විදිහට විනාශ වුනොත් උඹ උඹට සමාවක් දෙනවද ... ඔය යන ගමන් ඒ කොල්ලා හිතේ වේගෙට ජීවිතේට මොනවා හරි කරගත්තොත් උඹ උඹට සමාවක් දෙනවද ....."

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Kde žijí příběhy. Začni objevovat