හතලිස් දෙවැනි ඉලක්කය ....👺

2.2K 458 195
                                    

💚❤️ TARGET ❤️💚 .....

" දේදු සැක හිතෙන්නෙ නැතිවෙන්න ටැක්සියක් එන්න.... අර දෙන්නට කාර් එකේ එන්න කියන්න ...."

යීබෝ මේ ජාන්ට අමතන්නේ ඔවුන්ගේ පිටරටක සිටින ඥාතීන් පිරිසක් එහෙමත් නැතිනම් ඇනාගේ වැඩිමල් සොයුරා සහ ඔහුගේ පවුල වෙනුවෙන් සූදානම් කරන රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී කරවා ගැනීමටයි ..

" හරි මම වෙනම එන්නම්...... ඒ දෙන්නා වෙනම එයි....."

යීබෝ අද කලින් නිවසට ගියේ ඇනාගේ බලවත් ඉල්ලීම නිසයි ...

" ලස්සනට ඇදගෙන එන්න ඕන දේදු බබා හෝදේ.... එයාලට පෙන්නන්න ඕන මගෙ boyfriend කොච්චර හැන්ඩ්සම් ද කියලා.... "

යීබෝ සිනාසෙමින් කීවේය ....

" මං කොහොමත් ලස්සනයි තමයි ඉතින්..... "

ජාන් ආඩම්බරයෙන් කීවේය ...

"අද මෙහෙ ඉමුද දේදු....."

" නෑ නෑ...ඊයෙත් මහ පාන්දර එන්න එපා කියලා තියෙද්දි ආවනේ... අද මං කාලා බීලා ගෙදර යනවා...."

" ඇත්තද මහත්තයා .... හරි හරි බලාගෙන ඉමුකො එහෙනම් ....."

ජාන් සිනාසෙමින් ඇමතුම අවසන් කලේය... යීබෝගෙ හිතුවක්කාරකම් වලට ඉතින් ජාන් හැමදාමත් ආදරය කලේය.... ඒ හැම දෙයක් තුලම ඇත්තේ ආදරය බව නම් ඔහු හොදින්ම දන්නේය....

****
****

මේ වනවිට ලී ෂියන්ග් ඔහුගේ ගෝලයින් කිහිපදෙනක් සමඟ බරපතල සාකච්ඡාවක් අවසන් කර තිබුනි... හෙට ඉරිදාවක් නිසා සදුදාට එය ක්‍රියාත්මක කිරීමට සූදානම් කෙරුනි...

" මිස්ටර් ලියන් ලයි...... එහෙනම් ලෑස්ති වෙන්න තව ටික දවසකින් starlight fashion එකේ ceo පුටුවෙ මම වාඩිවෙනවා බලන්න...."

ලී ෂියන්ග් ඇමතුමක් රැගෙන කීවේය ..

" අම්මෝ සන්තෝෂයි සන්තෝෂයි ..... එහෙනම් අපේ කාලේ ලඟ ලඟම එනවා නේද....."

ලියන් ලයි සිනාසෙමින් කීවේය ...

" අනිවාර්යයෙන් .....එහෙනම් අපි ඒ මරනෙ උඩින්ම ඒක සමරමුකො....මේ දවස් දෙක ඔහේ ගියපුදෙන් ...."

ලී ෂියන්ග් අසීලාචාර සිනහවක් සමගින් කීවේය ...

" මම ජියැං එක්ක මේක හිමීට කියන්නම්.... "

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Where stories live. Discover now