💚❤️ TARGET ❤️💚 ......
' හෙට අනිවාර්යයෙන් මං දේදුගෙන් අහනවා මේ වැඩේ තේරුම මොකක්ද කියලා ... ඇයි අප්පා ... මගෙ වීඩියෝ එක තියාගෙන මාව බ්ලැක්මේල් කරනවා... ඒ උනාට මාව එහෙ මෙහෙ එක්ක යනවා..... එයා ලඟ ඉද්දි මට කේන්ති ගන්නත් බෑ. ..'
යීබෝ ඇදට වී බර කල්පනාවක සිටියේය .. ඇත්තෙන්ම ජාන් යනු අමුතුම මිනිසෙකි ...
මුහුණට මුණගැසුනු විට ඇති චරිතය දුරකතනයෙන් කතාකරන විට වේ.... ඉන්පසු මහ රාත්රියට මත්වී කතාකරන්නේ වෙනමම ජාන් කෙනෙකි ...' එයා හැමදාමත් රෑට බොනවා වගේ ... අදත් කතාකරයිද...... නෑ නැතිවෙයි .... කලින්ම කතාකලානේ.... ඒත් good night කිව්වෙ නෑ .. ඒක කියන්න ගනීද....'
යීබෝ ඇදට ආ මොහොතේ සිට සිතන්නේ දේදු ගැනයි....ඔහුට ඊට වඩා සිතන්නට දාහක් දේවල් ඇති බවත් අමතකවී ගිහින් ය.. කල්පනා කරමින්ම යීබෝ දෑස් පියාගත්තේය ....
📲📲📲📲📲
දුරකථනයේ හඬට යීබෝ ගැසීමෙන් දෙනෙත් හැරියේය ....
Dadu....🌈 calling ......
අද වීඩියෝ නැත.. වෙලාවල දොලහයි තිස්පහ ලෙස සටහන් වී තිබුනි.. කේන්තියක් මවාගෙන යීබෝ ඇමතුම සම්බන්ධ කරගත්තේය ...
" හෙලෝ....."
" ආහ්.... බිනා..... උඹ නිදිද බිනා...."
යීබෝ යලිත් හොදින් දුරකතනය දෙස බැලුවේය ..... නෑ ඇමතුම දේදුගෙන් ම ය...
බිනා........ යීබෝ කේන්තියෙන් ඇමතුම විසන්ධිකරන්නට හැදුවත් යලිත් ජාන්ගේ හඩ ඇසුනු නිසා නිහඩව අසා සිටියේය ...
" බිනා.... මං අද හයිකි බබාට ගුඩ් නයිට් කියන්න කතා කරන්නෑ බං ...."
ඒ හඩ මත්වී ඇති බව යීබෝ තේරුම් ගත්තේය ... කවුද මේ බිනා..... ඇයි ඔහු සමග තමන් ගැන කතාකරන්නේ... යීබෝ හොදින් සවන්දී සිටියේය ..
" බිනා..... උඹ නිදි උනත් අහගෙන ඉන්නෝනේ.... මං ඉන්නෙ දුකින්..... බිනා......උඹ මගෙ ලොකු අයියා....... උඹ බේක් හවුස් එක අද කලින් වැහුවද බිනා........ලුෆෙන්ග් වලට වහිනවද........මට පට්ට දුකයි බිනා.......හයිකි බබා හරි නපුරුයි බිනා....... මං එන වීකෙන්ඩ් එකට උඹව බලන්න එනවා........... බිනා.......... ඇයි බිනා මං හැමදාමත් තනිවෙන්නෙ........ උං මමා පපාව මට නැතිකරා.......... අන්තිමට ජීවිතේ බේරගන්න කියලා හිතාගෙන කොහෙද යන බස් එකකට නැග්ගා ........බිනා උඹේ පපා........ මාව එදා උඹලගෙ ගෙදර එක්ක ආවා ............ මට ආය උඹයි පපයි මගෙ පව්ල උනා..........ඇයි බිනා යූ පපත් අපිව දාලා ගියේ ..... මම ලං වෙන හැම කෙනාම මට නැති වෙනවද බිනා........ එතකොට........... මම................හියිකි......................................"
KAMU SEDANG MEMBACA
💚❤️ TARGET ❤️💚 ( yizhan ff ) Complete ..
Fiksi Penggemarඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....