❤️💚 TARGET ❤️💚 .........
යීබෝ ජාන්ගේ කෙටි පණිවිඩය දුටුවේ සවස හතරට පමණ ය... පැය දෙකක් පමණ පැවති බෝඩ් මීටින් එක නිසා හිස විකාර වී යීබෝ ඔෆිස් එක තුලට ආවේය ... ෂූයෑන්ග් තවමත් මීට්න් රූම් එක තුලයි.... එන්න එන්නම ආයතනය තුල පැන නගින ගැටලු විසදගන්නට යීබෝට තවමත් ශක්තියක් නැත.. නොතේරෙන කුමක්දෝ දෙයක් ආයතනය තුල පවතින බවනම් සැකයක් නැත... පැය කිහිපයකට පසු දුරකතනය අතට ගත් යීබෝ දුටුවේ
Dedu .. 🌈 ගෙන් මැසෙජ් එකක් ඇති බවයි...
හරියටම හවස හයට ලේක් වීව් බීච් එක ලඟදි මාව මුණගැහෙන්න......."
යීබෝ එය කිහිප වතාවක්ම කියැවීය... දින කිහිපයක් කිසිම හැලහොල්මනක් නැතිව තිබුනු හදවත යලිත් ගැහෙන්නට පටන්ගත්තේය ... ඒත් සමගම ෂූයෑන්ග් ඔෆිස් එක තුලට ආවේය ..
" මොකෝ උඹ යකෙක් දැකලා වගේ බය වෙලා ..."
ෂූයෑන්ග් යීබෝ අසලට ඇවිත් ඇසුවේය ... ෂූයෑන්ග් ඔහු අසලට එන තුරුත් ඔහු නොදුටුවේ ය ... ඒ නිසාම ඔහු කතාකල හඬින් ගැස්සී ගියේය ...
" මොකක්ද අවුල මචං .."
යීබෝ ගැස්සී ගිය අයුරු දුටු ෂූයෑන්ග් දුරකතනයට එබුනේය ..
" අප්පටසිරි ... උඹව හම්බ හම්බවෙන්න ඕනේ කියලා නේද ....."
" හ්ම්ම්.... මොකාටද එන්න හදන්නෙ කියන එක තමා ප්‍රශ්නේ ..."
යීබෝ ඔහුගේ අසුනෙන් වාඩිවෙමින් කීවේය ..
" කොහොමත් උඹට නොගිහින් මග අරින්න බෑනෙ.... ගිහිල්ලා ම බලපං.... "
යීබෝ ෂූයෑන්ග් දෙස බැලුවේය ..
" ඒ කියන්නේ උඹ එන්නෑ ..."
" මට එන්න කියලා නෑනේ ... අන්තිමට දෙන්නත් එක්ක ගිහිල්ලා චාටර් වෙන්න වෙයි... අනික ඌ එන කියන්නේ හොටෙල් රූම් එකට නෙමෙයි නේ ... බීච් එකට ... යකෝ මේකා බය වෙලා නේ ... "
⏰ ⏰⏰⏰
ජාන් හය වනවිට බීච් එක අසලට ආවේය .. ෆෙයි හට වාහනය තුලම රැදෙන්නට කියා ඉන් බැස මද දුරක් ඇවිද ගොස් නිදහස් තැනක බෙන්ච් එකක් මතින් අසුන්ගත්තේය ...
යීබෝට එන්නට කියා කිව්වාට තවමත් කරන්නේ කුමක්ද කියා අවබෝධයක් ජාන්ට නැත ... මුලින්ම ඔහු තමන්ව විශ්වාස කරන මට්ටමට ළංකර ගත යුතුය .. ඉන්පසු මේ පවතින තත්ත්වය ඔහුට පැහැදිලි කළ හැකි නමුත් දැනට එවැන්නක් කළ නොහැක .. ඒ නිසා ඔහු ලඟ ඇති වීඩියෝව පාවිච්චි කරමින් ටික දවසක් යීබෝ තමන් අසල රඳවාගන්නට ජාන් කල්පනා කර ගත්තේය .. නිවැරදි අවබෝධයක් ලැබෙන තුරු යීබෝ තමන් කෙරෙහි කෝපයෙන් සිටියාට කම් නැති බව ජාන් සිතාගත්තේය ....
BẠN ĐANG ĐỌC
💚❤️ TARGET ❤️💚 ( yizhan ff ) Complete ..
Fanfictionඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....