💚❤️ TARGET ❤️💚 .......
"ෂූයා....."
" වැඩේ ඉවරද උඹ ඔෆිස් එකට එන ගමන් ද ..."
" මම කෙලින්ම ගෙදර ආවා .. තව පැයකින් හරියටම හයට golden king එකට වරෙන් .."
",සතියේ මැද දවසක් වෙලා උඹ අද නාන්නද හදන්නෙ.... "
" හය කියන්නේ හය මචං හොඳේ ..."
යීබෝ දුරකතනය විසන්ධි කළේය ..
",යකෝ උදේ ඉඳලා ඔෆිස් එකේ වැඩ කරලා... පාර්ට් ටයිම් එක විදිහට උගෙ පස්සෙන් යන්නත් වෙලා ..."
ෂූයෑන්ග් දුරකථනය දෙස බලාගෙනම පැවසුවේය .. නොයා සිටිය නොහැකිය ... හැම තැනකදීම යීබෝ ඔහුගේ කාර්ය හරි ආකාරයෙන් ඉෂ්ට කලත් ..ක්ලබ් එකට ගිය විට යීබෝට පාලනයක් නැත...ඔහු ලේසියෙන් ක්ලබ් එකට යන්නේ ද නැත..අද ගිය සමුළුවේදී කුමක් හෝ දෙයක් සිදුවී ඇති බව ෂූයෑන්ග් අත්දැකීමෙන් තේරුම් ගත්තේය ...
" මොන මගුලකටද යකෝ ගිහින් හිටියෙ ගේට්ටුව අරින්න මෙච්චර වෙලා ගියේ..."
නිවසට පැමිණි වහාම මුලින්ම ඔහු ඔහුගේ තරහ සේවකයකුගේ පිටින් යැව්වේය ....
වෙනදා මෙන් පියා අසලටවත් නොයා කෙලින්ම කාමරයට ගියේය ...
" දේ දුන්නා ...තමුසෙ මම හිතපු තරම් ලේසි නෑ වගේ ..."
පෙරදා රාත්රියේ ඇඳමත පරිස්සමෙන් නවා තබා තිබූ ශාන්ගේ සුවඳ රැඳි කමිසය අතට රැගෙන යීබෝ එය හා කතා කළේය ....
" මගේ දුර්වලම තැන බලලා මට ගැහුව නේද .. ඒකත් දවසක් ඇතුලත ... හරි බලමු .... මිස්ටර් බනී... ජාන්..... දේදුන්නා...."
කවුරුන් හෝ අසා සිටින්නේ නම් අනිවාර්යෙන්ම මොහුට පිස්සු යැයි සිතෙනු ඇත .. පරාජය යනු යීබෝට පුරුදු දෙයක් නොව .. ඔහු හැදී වැඩුණු පරිසරය අනුව මෙතුවක් කාලෙකට ඔහුට නොලැබුණු දෙයක් නැති තරම්ය .. ඉතින් මේ සිදුවීම යීබෝට දරාගන්නට නොහැකි මට්ටමේ පවතී....
*********
සමුළුව අවසන් වී කාර්යාලයට නොගොස් කෙළින්ම නිවසට පැමිණි ශාන්ට මාස හතරක් පුරාවට ඔහු බලාපොරොත්තුවෙන් සිටි දුරකථන ඇමතුම ලැබුණි ...
" හෙලෝ මිස්ට ශාන් "
" හෙලෝ කවුද මේ..."
" මම මිස්ටර් ලී ෂියැන්ග් ගේ සෙකට්රි... රෑන්ග්...."
KAMU SEDANG MEMBACA
💚❤️ TARGET ❤️💚 ( yizhan ff ) Complete ..
Fiksi Penggemarඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....
