තිස් තුන්වෙනි ඉලක්කය .... 👊

3.1K 572 225
                                        

💚❤️ TARGET ❤️💚 ..........( බෝනස් )

📲📲📲📲

වාහනේ තෙල් ඉවරයි කියලා සිග්නල් එක දානවා ....."

" Oh....... shit............ "

ඒ මොහොත වන විට ජාන්  ග්‍රවුන්ඩ් එක අසලටම පැමිණ සිටියේය ... ඒත් සමගම ෂූයෑන්ග් ගේ රථයත් එතැනට ආවේය ... දෙදෙනාම ඉක්මනින් ගොල්ෆ් පිටිය වෙතට ගිය අතර ජාන් තවමත් සිටින්නේ යීබෝ  සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී ගෙනමය .....

",බෝදි මැණික .... '"

" දේදු .... speed එක අඩු වෙන්න වගේ යන්නේ ....'"

ජාන්ට දැන් ඈත තියාම ඔහුගේ වාහනය දැකගන්නට හැකිවිය....

" ඔහොම ලයින් එකේ ඉන්න මැණික ..."

ජාන් ෂූයෑන්ග් ගේ දුරකථනයෙන් බෝම්බ නිෂ්ක්‍රීය අංශය ට යළිත් කතා කළේය ... සිදුවී ඇති අලුත්ම තත්වය ජාන් ඔවුන්ට පැහැදිලි කළ නිසා මේ වන විට වෙනත්  විකල්පයක් නොමැති බැවින් යීබෝට හැකි විගස රථයෙන් එළියට පනින මෙන් උපදෙස් ලැබුණි ....

" බෝදි.... මේක හොඳට අහගන්න ...මුලින්ම හිමීට දොරේ ලොක් එක අරින්න .... එහෙමම ෂීට් බෙල්ට් එකක් පන්න ගන්න .... තත්පරෙන් වාහනෙන් පනින්න ඕනේ ... මම කියන එක තේරෙනවද ...තවත් වෙලාව ගන්න එපා වාහනේ ස්පීඩ් එක අඩු වෙයි ...."

" දේදු මේ ඔයාගෙ කාර් එක එතකොට ..."

" බෝදි............... කෙහෙම්මලක් කතා කරන්නැතුව කියන දේ කරන්න .....ගොඩක් වෙලාව ගන්න එපා විනාඩි පහක් ඇතුළත හැමදේම සිද්ධ වෙන්න ඕන ....අපිට ඔයාව පේනවා අපිත් ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ....."

ඒත් සමඟම ගිනි නිවන  රථය ය සහ බෝම්බ නිශ්ක්‍රිය අංශය පැමිණියේය....

යීබෝ මෙවන් සිදුවීමකට මුහුණදුන් පළ දුන් පලවෙනි අවස්තාව නිසා ඔහු සිටින්නේ තරමක් තැතිගැන්මකිනි... නමුත් දුරකථනය අනෙක් පස සිට ජාන් ඔහුව ශක්තිමත් කරමින් සිටින නිසා යීබෝ ඉක්මනින් ක්‍රියාත්මක විය ...

" බෝදි මැණික ..... ඉක්මන් කරන්න... පනින්න බයවෙන්න එපා තණකොළ තියෙන්නේ ..... ඔයාට මොනවත් වෙන්නෑ ඉක්මන් කරන්න..."

ෂූයෑන්ග් ජාන්ගේ කරවටා අතක් දමාගත්තේය... ඇත්තෙන්ම  එය ජාන්ගේ  හිතට ශක්තියක් විය ....  

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Onde histórias criam vida. Descubra agora