❤️💚 TARGET ❤️💚 ......
" දේදු ..... ඔයා කීයටද ජීනායිට එන්න කිව්වෙ....."
පසුදින උදෑසන ජාන්ව ඔහුගේ ආයතනය ඉදිරිපිටට ගෙනත් ඇරලු යීබෝ ඇසුවේය ...
" බෝදි.... දැන් එයා ඉස්සරහා රඟපාන්න දෙයක් නෑනේ ....ඒ නිසා මේ ප්රශ්නෙ මම විසඳ ගන්නම්..."
ජාන් හොදින් කීවේය ...
" කවුද කිව්වේ මම එනවා කියලා මම ඇහුවෙ එන වෙලාව විතරයි ...."
ජාන් වාහනයේ දොර අරින්නට සූදානම් වුවත් එය යීබෝ අගුලුලා තිබුනි.....
" මේක අරින්න බබා ..."
" ජීනායි එන වෙලාව මට කියන්න .... ඊට පස්සේ දොර ඇරෙයි ....."
" ඔයා මහ ඇට්ටරයි.... ඒකි එන්නෙ එකොළහට ....."
දොරේ අඟුල විවර විය... යීබෝ තොල් උල්කර ෆ්ලයින් කිස් එකක් ජාන් වෙත පාකර එව්වේය... ජාන් එයට පිඹිමින් ඉවතට පාකර හැර වාහනයෙන් බැසගත්තේය.... යීබෝගෙ හිතුවක්කාරකම් වලට ජාන් කොයිතරම් ආදරය කරත් මේ ප්රශ්න වලට ඔහුව මැදිහත් කර ගන්නට නම් කිසිම කැමැත්තක් නැත.... ජාන් කල දේට සිනාසෙමින් යීබෝ එතැනින් ඉවතට ගියේය..
⏰ ⏰⏰⏰
" මිස්ටර් කුවාන් ... මොකෝ අපේ වැඩේ..."
යීබෝ දින ගනනාවකට පසු ඇසුරුම් අංශයට ගියේය ...දැන් කලින් වගේ නොව එහි පිලිවෙල සහ කාර්යක්ෂම බව මනාව හසුරුවා ඇතිබව ඔහු දුටුවේය ...
" වැඩේ ගානට යනවා සර්... තව සතියක් තියෙනවා ඒ සිග්මන්ට් එකට... ඒත් එතන සෑහෙන ලොකු ලාභයක් අපි නැතිකරගන්න හදන්නෙ ... සර් තවපාරක් හිතන්න ...."
කුවාන් තරමක් පසුගාමීව කීවේය .. ඔවුන් මේ කතාකරන්නේ කුවාන්ගේ කාර්යාලයේ සිටයි...
" මෙතන ලොකු පාඩුවක් සිද්ද උනාට මිස්ටර් කුවාන් ...මෙතනින් පස්සේ මගේ ආයතනයේ ඔක්කොම බහිරවයො ටික නැති වෙලා යනවා ... එතකොට තමා බලාගන්න පුළුවන් ආයතනයට තියෙන ශුද්ධ ලාභය මොකක්ද කියලා ... ඉතින් ඒක හින්ද අපි මේ වැඩේ කරමු ....ඒ ඕඩරේ අවසාන chicking එක වෙනකොට ඔයා පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න ... ජාන් සර් කියපු විදිහට අර වැඩ ටික විතරක් ලෑස්ති කරන්නකෝ ..."
ESTÁS LEYENDO
💚❤️ TARGET ❤️💚 ( yizhan ff ) Complete ..
Fanfictionඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....
