හතලිස් තුන්වෙනි ඉලක්කය .....⚙️

2.9K 501 145
                                        

💚❤️ TARGET ❤️💚 .......

🌞 🌞🌞🌞🌞

ඉරිදා උදෑසනට පෑයූ හිරු මේවන විට මුදුන්වෙන්නටත් ආසන්නව තිබියදී ජාන් දෙනෙත් හැරියේය ... සුපුරුදු උණුසුම සමගින් හදගැස්මේ රිද්මය සවනට ඇසෙද්දී ජාන්ගේ මුලු හිතම පිරී ගියේය ...
ඒත් පෙර දා රාත්‍රියේ සිදු වූ සිදුවූ සිදුවීම් එකින් එක සිහියට නැගෙද්දී ඔහුගේ පපුව ඇවිලී ගියේය ..... ඉක්මනින් හිස ඔසවා යීබෝගෙ කම්මුල සහ පපුව පරික්ෂා කළේය .... දත් පහරවල් වලට රතු වී තිබුණු වම් කම්මුලත් පපුව පුරා තිබුණු රතු පාට පැල්ලම් වලිනුත් පෙරදා රාත්‍රියේ ඔහුගේ හපන්කම් අපූරුවට කියා පෑවේය.....

" මගෙ බෝදි මැණික ...."

පෙරදා වියරුවෙන් සැපූ ස්ථාන මත හාදු තවරමින් ජාන් වේදනාවෙන් කෙදිරුවේය .... ඔහුටත් නොදැනීම ඔහුගේ නෙත් වලින් කඳුළු බිඳු කිහිපයක් යීබෝගෙ පපුව මතට වැටුණි ...මේ වනවිට යීබෝ අවදි වී මේ සියල්ල දෙස බලාගෙන සිටියේය .....

" අනේ බෝදි... මට සමාවෙන්න මැණික ..."

යීබෝ දෑස් හැරගෙන සිටින අයුරු දැක ජාන් ඔහුව තුරුලුකරගත්තේය ...

" අඩන්න එපා මැණික ... ඒක දැන් ඉවරයිනේ... ඊයෙ වෙච්ච දේවල් දැන් අමතක කරන්න ...එදා මගේ හිත රිදුනා වගේ ඊයේ ඔයාගේ හිත රිදුනා ...ඉතින් ඒක සාමාන්‍ය දෙයක් නෙ ...කෝ දැන් නැගිටින්න ...."

යීබෝ ජාන්ගේ නිරුවත් පිට අතගාමින් කීවේය ....

" ඒත් මගේ පපුව පිච්චිලා ගියා බෝධි .. එයා ඔයාගේ කසින් කෙනෙක් බව ඇත්ත ..ඒත් එයා හිතලමයි ඔයා ඇඟට ආවේ ..."

ජාන් අමනාපයෙන් කීවේය ...

" හ්ම්ම්ම්.... හරි අපි එයාවත් ඉක්මනින් සීන් එකෙන් අයින් කරමුකෝ .."

යීබෝ යලිත් ජාන්ගේ නලලත සිඹිමින් කීවේය ...

" යං වොෂ් දාන්න...."

ජාන් යීබෝව ඔසවා ගත්තේය ..යීබෝ ජාන්ගේ ගෙලවටා අත්දෙක දමා නිරුවත් පපුවට සිපුමක් තැබුවේය ....

**
**

ඉරිදා දිනයක් වූ බැවිනුත් නිවාඩු දිනයක් නිසාවෙන් දෙදෙනාම නිවසටම වී කාලය ගත කළේය ... දැන් ඉතින් උදෑසන ආහාරය ගන්නට වෙලාවක් නැති නිසා ජාන් දිවා ආහාරය සූදානම් කරමින් සීටියේය.... නිදහසේ උයා ගන්නට වත් ඉඩක් නැත ...යීබෝ ජාන්ව වැළදගෙන ඔහු යන යන තැන පිටුපසින් යයි...

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Where stories live. Discover now