❤️💚 TARGET ❤️💚 .....
🌞🌞🌞🌞🌞🌞🌞
උදෑසනින් මුලින්ම අවදි වූයේ ජාන් ය... හැමදාමත් වගේ තමන්ගේ මුහුණට දැනෙන යීබෝගෙ උණුසුම් සුසුමන් තවත් ටික වෙලාවක් විඳගනිමින් ඒ මුහුණෙහි සියුම් රේඛාවන් දෙස බලාගෙනම, ඒ උණුසුම විදිමින්ම එහි තවත් මොහොතක් ඔහු රැඳී සිටියේය....පෙරේදා රාත්‍රියේ කැපුනු ඇඟිල්ල ද ජාන් මොහොතක් අතගෑවේය ...... කටත් හපාගෙන පිඟාන බදාගෙන පිසදැමූ අයුරු සිහිවී ජාන්ගේ මුවඟට සිනහවක් නැඟුනි ....
අඟහරුවාදා දිනට රාජකාරි සදහා පිටත්වීමට සූදානම් විය යුතු බැවින් ජාන් හෙමින් යීබෝගෙ තුරුලෙන් මිදී පහලට ගියේය .... සැන්ඩ්විච් කිහිපයක් සාදා එය වසා තබා කිරි වීදුරු දෙකක් සමඟ යලිත් කාමරයට ගියේය ... ඒ වනවිටත් යීබෝ තද නින්දේය ....
" හයිකි බබා..... කෝ නැඟිටින්න...."
ජාන් යීබෝගෙ හිස සෙමින් දැනෙන නොදැනෙන ලෙසට අතගෑවේය ... ටිකෙන් ටික යීබෝගෙ දෙනෙත් විවර වනවිට ජාන් අත ඉවතට ගන්නට හැදුවත් යීබෝ ඒ අත යලිත් අල්ලාගත්තේය ...
" ඔලුව ටිකක් අතගාන්නකො දේදු...."
යැයි කොදුරමින් යලිත් දෑස් පියාගත්තේය .....
" හරි ශෝක් බෝදි.... වැඩට යන්නෙ නැද්ද ඉතින්.... ඔන්න දැන් ඇති හොදේ... කෝ නැඟිටින්න...."
හිස අතගාන අතර ජාන් කීවේය .. ඒ හිසකේ සිනිදුය..... ජාන්ට ලෝබ සිතුනි...
" ඔයාට රතු ඉර ගහන්නෙ කවුද රිසෙප්ෂන් ස්ටෙලාද දේදු ...."
ජාන්ගේ දෑතේ පහසට දෑස් පියාගෙනම යීබෝ ඇසුවේය ....
" ස්වාමියා ආදර්ශමත් වෙන්න ඕන සේවකයන්ට..... මම අටත් පැනලා ගිහින් කොහොමද සේවකයන්ට දොස් කියන්නෙ වෙලාවට වැඩට එන්න කියලා .... හ්ම්ම්ම්ම්....."
කතාව කෙසේ වෙතත් ජාන් අතනම් ඉවතට ගත්තේම නැත.....
" දේදු......"
" හ්ම්ම්ම්..."
" ඔයා අද හවස යන ගමන ගැන මට බයයි...."
යීබෝ ඇත්තෙන්ම සිටින්නේ මදක් බියවී කලබල ගතියකිනි.... ජාන්ගේත් වෙනසක් නැත.... .
YOU ARE READING
💚❤️ TARGET ❤️💚 ( yizhan ff ) Complete ..
Fanfictionඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....