විසිහත්වෙනි ඉලක්කය ...💜️

4K 617 193
                                        

💚❤️ TARGET ❤️💚 ....

🌞 🌞🌞🌞🌞

එක දිගට නාද වන දුරකථනයේ හඬ නිසාවෙන් මුලින්ම අවදි වුනේ ජාන් ය.... කාමරය තුලට තද හිරු රැල්ලක් වැටී ඇති නිසා ඔහු ඉක්මනින් ඔරලෝසුව දෙස බැලුවේය... වේලාව උදෑසන 9:30 ලෙස සටහන් වී තිබුනි... ඉතින් දුරකතනය නාද වීම ගැන පුදුම විය යුතු නැත... යීබෝගෙ සිරුරෙන් ඉවත් නොවීම ජාන් දුරකතනය සොයාගත්තේය .... නාදවී තිබෙන්නේ යීබෝගෙ දුරකතනයයි....

ෂූයෑන්ග්.....📲

" බෝදි...... බබා..... බෝදි මැණික ..... ඔයාට කෝල් එකක්...."

ජාන් යීබෝගෙ පපුව මතින් දෙතොල් තියාගෙන කතාකලේය..

" අනේ දේදු........"

යීබෝ කම්මැලි කමට ඇඹරෙයි...

" වෙලාව කීයද දන්නවද.....9.30......"

යීබෝ ඉක්මනින් දෙනෙත් හැර ඔරලෝසුව දෙස බැලුවේය .. ෂූයෑන්ග් නැවතත් කෝල් ගන්නට පටන්ගත්තේය ....

" මේක ආන්සර් කරන්නකො බෝදි......"

නැගිට ගන්නට තියා හෙලවෙන්නවත් නොහැකි බව තේරුනු නිසාම ජාන් එලෙසින්ම සිටියේ....

" හෙලෝ..."

යීබෝ ඇමතුම සම්බන්ධ කරගත්තේය ....

" අඩෝ..... උඹලා කරන මගුලක් මෙහෙ දේවල් සෙට්ට්ල් කරලා කරගන්න එපැයි .... බෝඩ් මීටින් එක cancel කරා මම.... කීයටද එන්නෙ කියපන් ඒක හවසට වත් දාගන්න....."

ෂූයෑන්ග් කෑගසන හඩ ඉතින් යීබෝගෙ පපුව මත හිදිනා ජාන්ටත් හොදින් ඇසේ...

" කෑගහන්නේ නැතුව හිටපන් මචන් ... මම එක වෙද්දි එනවා .. දෙකට මීටින් එක ලෑස්ති කරල තියන්න ...."

" හරි මචං අවුලක් නෑ නේද ... "

" නෑ නෑ අවුලක් නෑ උඹ කට වහගෙන පෝන් එක තියපන්කො ඊට පස්සේ සනීපයි ...."

යීබෝ කෑගැසුවේය ... ඒත් සමඟම ජාන්ගේ දුරකතනය නාදවිය .. ඊබෝ එය ජාන්ට රැගෙන දුන්නේය ....

" කියන්න සිචෙන් ...."

" මිස්ටර් ජාන් අද පරක්කු වෙනවද...."

" ඔව් මම අද ටිකක් පරක්කු වෙනව සමහරවිට මම අද ඔෆිස් නොඑන්නත් ඉඩ තියෙනවා... හැමදේම හොඳින් සිද්ධ වෙනවා නේ කිසි ප්‍රශ්නයක් නෑනේ ...."

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Where stories live. Discover now