තිස් අටවෙනි ඉලක්කය ....❤️💚

3.4K 556 136
                                        

💚❤️ TARGET ❤️💚 .....

🌞 🌞🌞🌞🌞

වෙහෙසකාරි රැයකට පසු ෂැංහයි අහසට හිරු පායමින් තිබුනි... යීබෝ මුලින්ම අවදිවිය.... තම පපුවට තුරුලුවී නිදාසිටින ආදරණීය දේදුගේ මුහුණ දෙස ඔහු සෑහෙන වෙලාවක් බලා සිටියේය ... දුක්ඛිත ජීවිතයක් තුලින්ම පන්නරය ලබා දෙපයින් හිටගත් ආදරණීය මිනිසෙක්... තවත් ලෙසකින් කීවොත් අහිමිවීම තුලින් ජීවිතය ජයගත් හිත හයිය මිනිසෙක්... යීබෝ ජාන් පිළිබඳව එලෙසින් සිතුවේය ...

යීබෝ එක් ඇඟිල්ලක් ජාන්ගේ ඔහුන පුරා රැගෙන ගියේ ඒ දෑස් පියවී තියෙද්දී හිතට පාලුවක් දැනුනු නිසාවෙනි....

" හ්ම්ම්... බෝදි......"

පපුවට තව තවත් ගුලිවෙමින් ජාන් කීවේය ....

" නැඟිටිනවකො සෙද්ද.... මට පාලුයි....."

යීබෝ ජාන්ගේ සවන් අසලින්ම දෙතොල තියාගෙන කීවේය ....

" වෙලාව කීයද බෝදි මැණික ..."

" අටට කාලයි...."

යීබෝ කීවේය...

" වැඩට යන්නෙ නැද්ද අද දෙන්නම.."

ජාන් ඇදෙන් නැඟිටින්නට සූදානම් වෙද්දී යීබෝ යලිත් ඔහුව තුරුලුකරගත්තේය ...

" නැඟිටින්න එපා ඉතින්...."

ජාන් දෑස් විසල් කරමින් යීබෝ දෙස බැලුවේය ..

" අද අපි කොහෙහරි ඇවිදින්න යමුකො දේදු..... සිචෙන්ට කියමු ඒ පැත්ත බලන්න කියලා ... "

"එතකොට ඔයා.... අද ෂූයා ත් නෑනේ..."

" ඇනා කෙල්ලව තල්ලුකරමු අදට..."

යීබෝ සිනාසෙමින් කීවේය .. යීබෝගෙ මවත් පියා අසනීප වන්නට පෙර බිස්නස් වලට සම්බන්ධ වී සිටියත් ඇය වැඩිපුර කැමැත්තක් දැක්වූයේ නිවසට වී සිටින්නයි..

" එහෙනම් ටිකක් හවස්වෙලා යමු බෝදි... මගෙ පස්ස රිදෙනවා..."

ජාන් යලිත් යීබෝගෙ නිරුවත් පපුව මත මුහුණ තියාගෙන කීවේය .......

" මම කෝපි හදන්නද දේදු...."

"අනේ එපා බෝදි .... තව ටිකකින් පහලට යමු මම හදන්නම්.. "

ජාන් සිනාසෙමින් කීවේය ... යීබෝගෙ කෝපි හැදීම ගැන ජාන් හොදින්ම දන්නේය... අවසානයේ පැන්ට්‍රිය අස්කිරීමට තවත් කවුරුන්හෝ අවශ්‍ය වෙනවා වාගේම ඇල්වතුරට කෝපිකුඩු ටිකක් කලවම් කර බීවානම් ඊටත්වඩා රසවත් යැයි හැගෙන කෝපි කෝප්පය සිහිවී ඔහුගේ මුවඟට සිනහවක් නැගුනි ....

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Where stories live. Discover now