තිස් හතරවෙනි ඉලක්කය...🤝

3.3K 576 116
                                        

💚❤️ TARGET ❤️💚 ........

විනාඩි කිහිපයකට පසුව යීබෝ දෙනෙත් හැරියේය .... මව සහ පියා ඔහු අසල සිටියත් ජාන් නොසිටි නිසා ඔහු මදක් කලබල විය...

" පපා දේදු කොයි...."

ඔහු ඇදෙහි වාඩිවෙමින් ඇසුවේය ... හිස බරගතිය පමණක් තදින් දැනුනි....

" කෝල් එකක් ඇවිත් ගියා... අපි දෙන්නා එනකොට මෙත්න වාඩිවෙලා හෝ ගාලා අඩනවා...."

වන්ග් යීබෝගෙ හිස අතගාමින් කීවේය ...

" ඔන්න බලන්නකො දැන් වැරැද්ද එයාගෙ ඇඟට දාගෙන නටනවා ඇති..."

යීබෝ අපහසුවෙන් කීවේය ..ඔහු ජාන්ගේ හැටි හොදින්ම දනී..... තමන් දෑස් හරින තුරුවත් නොරැදී ඔහු පිටවගියේ ඇත්තෙන්ම හිතේ වේදනාවෙන් සිටින නිසා යැයි යීබෝ අනුමාන කලේය..

" යීබෝ දැන් අඩුයිද ..."

ෂූයෑන්ග් රෝහල් කාමරයට ඇතුලුවූයේ ඒ මොහොතේදීය ....

" එතන තත්ත්වය කොහොමද ෂූයෑන්ග් ..."

වන්ග් ඇසුවේය ... ෂූයෑන්ග් ග්‍රවුන්ඩ් එකේ වැටී තිබූ යීබෝගෙ දුරකතනය ඔහු අතට දෙන අතර වන්ග් සමග කතාකලේය ..

" ජාන් කෝල් කරලා ඔක්කොම විසදුවා... මං හිතන්නෙ ගෝල්ෆ් ක්ලිබ් එකටත් ගානක් දුන්නා... මොකද ග්‍රවුන්ඩ් එකට ඩැමේජ් නේ.... මීඩියා එහෙමත් ආවා .... ඒත් ජාන්ගේ වාහනේ හිටියේ ජාන්ගේ ඩ්‍රයිවර් කියලා තමයි මීඩියා වලට දුන්නෙ.... "

වන්ග් සැනසුම් සුසුමක් හෙලුවේය ... ජාන්ගේ සහ යීබෝගෙ සම්බන්ධය ලෝකයා දැනගත්තාට වන්ග්ට ගැටලුවක් නැත.. නමුත් ඒ මේ පවතින ගැටලු අවසන්වූවට පසුවයි....

" oh......... දේදු ........"

දුරකතනය ඔන්කරමින් සිටි යීබෝ මහ හඩින් කෑගහද්දී තිදෙනාගේම අවධානය ඒ වෙතට යොමුවිය...

" යීබෝ ඇයි...."

" මං හිතුවා මේ දේදු මෙහෙම කරයි කියලා ....."

දුරකතනය ෂූයෑන්ග් අත තබමින් යීබෝ කකියන හිස අල්ලාගත්තේය ...

බෝදි මැණික .... මං උඹට මගෙ පණටත් වඩා ආදරෙයි .. ඒත් මට සමාවෙයං... මං හින්දා උඹට රිදුනා... ඔයාගෙ දේදු බබාට ඔයාගෙ මූණ බලන්න බෑ රත්තරං .... මම මේක එදා කිව්වා මැණික ඔයාට... මේ ගින්දරෙන් ඔයාවත් පුච්චන්න මට බෑ මැණික ...මගෙන් ඈත් වෙයන් රත්තරනේ ........"

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Место, где живут истории. Откройте их для себя