💚❤️ TARGET ❤️💚 .....
" දේදු....."
" හ්ම්ම්ම්....."
" ඔය ඈතට ගිහින් බොරුවට නිදාගෙන අන්තිමට රෑ මැද ඇවිත් මාව බදාගෙන කෝලං කරලා මාව ඇහැරවන්නෙ නැතිව දැම්ම එන්න මගෙ ලඟට..."
අර කුඩා ඇදෙත් තාපසයෙකු මෙන් තරමක් ඈත්වී නිදාගන්නට සූදානම් වූ ජාන්ව දුටු යීබෝ කෑගැසුවේය ...
" ඕක නං කටක් නෙවෙයි බෝදි...."
ජාන් කපටි හිනාවක් සමගින්ම යීබෝගේ පපුව අස්සට මුහුණ ඔබාගත්තේය...
" බෝදි ...."
"හ්ම්ම්...."
" ඇයි මේ තරම් ප්‍රශ්න ගොඩක ඉන්න මට ආදරේ කරන්න හිතුණේ ..."
යීබෝගෙ පපුව මතම මුහුණ තියාගෙන ජාන් ඇසුවේය ...
" මම ආදරේ කරන්නෙ ඔයාට මිසක් ඔයාගේ ප්‍රශ්න වලට නෙමෙයි නේ ... ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකෙ ඉන්නවද දේදු .. ප්‍රශ්ණ හැමෝටම තියෙනවා .... ඒවා විසඳ ගන්න විදිහ අනුව තමා මිනිස්සු සාර්ථක වෙන්නේ..."
ජාන්ව තවත් තුරුලට ගන්නා ගමන් ම යීබෝ කීවේය ...
" පණ්ඩිත කතා කියන්නත් දන්නව නේද මගේ හයිකි බබා ...."
" ඔයා මම තවම හයිකි බබාගෙ වැඩ දැකලා නෑ ..."
ජාන්ව පපුවෙන් උඩට ඇදගෙන ඒ දෙතොල් නැවතත් සෙමින් සිපගන්නා අතර යීබෝ කීවේය ...
" බෝදි ...."
" හ්ම්ම්ම්...."
" කවද ඉඳලද ඔයා මට ආදරේ කරන්න පටන් ගත්තෙ . . "
විනාඩි කිහිපයක සිප ගැනීමකට පසුව ජාන් යළිත් යීබෝගෙ පපුව මතින් මුහුණ තියා ගන්නා අතරම ඇසුවේය ...
" ඒක මෙහෙමයි දේදු ... ඒක එකපාර ඇති වෙච්ච දෙයක් නෙමෙයි .. හැබැයි එදා බල්ලන්ට බයේ මගේ ඇඟේ එල්ලිච්ච දවසේ ඔය ඇස් මගේ පපුව හෙල්ලුවා .... එතන ඉඳලා සිද්ධ වුණ හැම සිද්ධියකදී ම පියවරෙන් පියවර මගේ හිතේ ඔයා ගැන ආදරයක් ඇති වුණා .... දැකපු පලවෙනි දවසෙම තමා ඔයාගේ ඇස් මගේ පපුව ගැස්සුවේ ..."
යීබෝ ජාන්ගේ හිස්මුදුන සිඹිමින් කීවේය .....
" එතකොට දේදුට කොහොමද කියන්නකො... අද අඬලා ගියපු නිසා අනුකම්පාවක් ද නැත්න....................."
ESTÁS LEYENDO
💚❤️ TARGET ❤️💚 ( yizhan ff ) Complete ..
Fanficඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....