💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
ටේහ්‍යුන්ගෙ උපන්දින සාදයට ගිය ජිමින් මහ රෑ දොළහත් පහුවෙලා නිවසට එද්දී ජන්ග්කුක් දොර විවර කරේ එකදිගටම දොර සීනුව වදින එක කරදරයක් නිසා..
" වට් ද! " දොර විවර කරද්දිම දොරට හේත්තු වෙලා හිටිය ජිමින් ජන්ග්කුක්ගෙ ඇඟට වැටුනා.
" මෙයා ඩ්‍රින්ක්ස් අරන්ද? " ජිමින්ව වත්තම් කරගෙන ජන්ග්කුක් තමන්ගෙන්ම ප්‍රශ්න කරා.ජිමින් ළගින් සැර ඇල්කොහොල් සුවඳක් එද්දි ජන්ග්කුක් තමන්ගෙ නළල පිරිමැද්දෙ මෙහෙම දෙයක් කොහෙත්ම බලාපොරොත්තු නොවුන නිසා.
" මගේ ඇල්ෆා! ඔයා මං එනකම් ඇහැරලා හිටියද? හව් ස්වීට් " ජිමින් වෙරි මතින් ජන්ග්කුක්ව හදුන ගත්තා.ජිමින් කියපු දේට තවමත් ඇස් නළලෙ තියාගෙන හිටිය ජන්ග්කුක් දොර වහලා දාලා ජිමින්ව තමන්ගේ කර උඩින් දාගෙන ජිමින්ගෙ නිදන කාමරයට ආවා.
" මගේ ඇල්ෆා..ඔයා මට ආදරෙයි නේද? ජිමින්ට ආදරෙයි නේද ඇල්ෆා"
ජිමින්ව ඇඳෙන් තියපු ජන්ග්කුක් යන්න හැරුනත් ජිමින් ආයෙමත් ඇඳ උඩ කෙලින් වෙලා ජන්ග්කුක්ගෙ අතකින් අල්ලගෙන ඇහුවා.ජන්ග්කුක් හිටිය විදිහටම ගල්වෙලා වගේ ජිමින්ගෙ මූණ දිහා බලාගෙන හිටියා..
" ඔයා මට කොච්චර වෛර කරත් මං ඔයාට ආදරෙයි ඇල්ෆා.."
ජිමින් කියනකොට ජන්ග්කුක් ජිමින්ගෙ ළගට ඇවිත් තමන්ගෙ අත ජිමින්ගෙ අත්වලින් ගලවගත්තා.ජිමින්ව කොට්ටෙට බර කරපු ජන්ග්කුක් බ්ලැන්කට් එකෙන් එයාව වැහුවා..
" යූ ෂුඩ් ස්ලීප් නව්! "
තෙහෙට්ටු ගතිය නිසාම ජිමින්ට එහෙම්මම නින්ද ගියා.ජන්ග්කුක් අවසාන වතාවට ජිමින් දිහා බලලා කාමරෙන් එලියට ආවෙ තමන් ගැන වරදකාරී හැඟීමක් දැනෙමින් තියෙද්දි..
♡︎♥︎♡︎
මූණට හිරු එළිය වැටෙද්දි ජිමින් හිමීට ඇස් විවර කලත් ආයෙමත් පොරෝනය ඇතුළට ගුලි වුනේ කම්මැලිකමේ..
" ගෝඩ්! දැන් වෙලාව කීයද? " ජිමින් ඇඳ උඩ කෙලින් වුනේ තමන් විශ්වවිද්‍යාලයට යන්න පරක්කු බව වැටහිලා.
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)