💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
" මාම්...මෝනින් ටී එක.." ඩයිනින් ටේබල් එකේ වාඩිවෙලා හිටිය මිසිස් ජියෝන්ට ජිමින් කිරි එක සංග්‍රහ කලා..ජිමින් එයාගෙ නැන්දම්මා එක්ක හිනා වෙන්න උත්සහ කලත් මිසිස් ජියෝන්ගෙ මූණෙ හිනාවක සේයාවක් ඇදුනෙ නෑ..ඒ වෙද්දි මිසිස් ජියෝන් ජන්ග්කුක්ගෙ ගෙදර පදිංචියට ඇවිත් සතියක් ගත වෙලා ගිහින් තිබුණා..ජිමින්ට කොහෙත්ම හොදක් දැනුනෙ නෑ මේ සතිය ඇතුළත..
" ගුඩ් මෝනින් බේබි..." හොට් ප්ලේට් එකේ තිබ්බ පාස්තා එක දිහා බලාගෙන ජිමින් ලොකු කල්පනාවක හිටියෙ.. ජන්ග්කුක්ගෙ ලොකු අත්වල උණුසුමට ජිමින් එයාගෙ කල්පනාවෙන් එළියට ආවා..
" ගුඩ් මෝනින් ගුකී..."
" ඔයා ලේට් බබී...අපි අද යුනිවර්සිටි යන්නැද්ද ම්ම්..." ජන්ග්කුක් ජිමින්ගෙ කන් පෙත්තක් ලාවට හැපුවා..ඩයිනින් ටේබල් එකේ හිටිය මිසිස් ජියෝන් වගේම යේජිත් ඒ දිහා බලාගෙන හිටියෙ නොමනාපෙන්..
මිසිස් ජියෝන් කල්පනා කරලා බැලුවා එයා ඇත්තටම මේ කරන්නේ ගොඩක් නරක වැඩක් නේද කියලා..
ජන්ග්කුක් සහ ජිමින් අතරෙ ඇත්තටම හොඳ සබඳතාවක් තියෙනවා කියලා එයාගෙ ඇස් පනාපිට ම පේන්න තියෙද්දී ජන්ග්කුක්ගෙ ජීවිතේට යේජිව ගෙනත් එයා කරන්නේ ලොකු වැරැද්දක්...
"ආන්ටී....ඔයා හොඳින් ද? " යේජි ඇහුවෙ එකදිගටම ජන්ග්කුක් සහ ජිමින් දිහා බලාගෙන ඉන්න මිසිස් ජියෝන්ගෙන්..
" ඔහ්...ඇයි යේජි..." මිසිස් ජියෝන් එයාගෙ කල්පනා වෙන් මිදිලා යේජි දිහාවට ඇස් යැව්වා..
" ආන්ටි මට ජන්ග්කුක්ව ඕනෙ...ඔයා මට ප්‍රොමිස් උනා එයාව මට දෙනවා කියලා...මට බෑ තවත් ඒ දේවල් දිහා බලාගෙන ඉන්න..." යේජි නොමනාපෙන් කිව්වෙ..
" අහන්න දරුවො.. මං ඔයාට ප්‍රොමිස් උනා තමයි..ඒත් ඒ ජන්ග්කුක්ට ජිමින් එක්ක හොඳ මැරේජ් ලයිෆ් එකක් නැත්තං ඔයාව එයාට මැරි කරවනවා කියලා විතරයි..ජස්ට් ලුක් ඇට් දෙම්..එයාලා ඕනාවටත් වඩා සතුටින්.. මං කොහොමද එයාලට තවත් නපුරු වෙන්නේ? " මිසිස් ජියෝන් හරිම සන්සුන්ව යේජිගෙ අතක් අල්ලගෙන එයාට මේ දේවල් පැහැදිලි කරන්න උත්සහ කලා..
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)