💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
" ආහ්හ්!! " ජිමින්ට කෑගැස්සුනා.. " දෙයියනේ මෙයා කොහෙන්ද මෙහාට ආවෙ? මං මින්සුක්ට බොරුවට කියපු එක ඇත්තක් වෙලාද!! " ජිමින් පුදුමෙන් හිතුවා.
ජිමින් දොර ඇරගෙන ගෙට ඇතුළු වෙද්දිම වගේ එයා බලාපොරොත්තු නොවුන විදිහට ලොකු බලු තඩියෙක් ඉස්සරහට ආවම කෑගැස්සෙන එක අහන්නත් දෙයක් ද?
ඌ හොඳින් වැඩුණු ජර්මන් සෙපඩ් බල්ලෙක්.. ජන්ග්කුක් බල්ලව අද මිලදී ගෙන ආවෙ ගෙදර ආරක්ෂාවට.. ඊටත් වඩා ඉතිං ගේ ඉස්සරහට එන කොල්ලො ගේ ඇතුලට ඇවිත් ජන්ග්කුක්ගෙ දේවල් අයිතිකරගනී කියලා හිතලා වෙන්නැති!
" ෂ'මන් ! කම් හියර් " ජන්ග්කුක් තරප්පු පෙළේ පහළම පඩියට වෙලා හිටගෙන කතා කරාම බල්ලා දුවලා ඇවිත් ජන්ග්කුක් ඉස්සරහා දණ ගහගත්තා..
" මෙයා කොහෙන්ද ආවෙ? මට කිව්වෙවත් නෑ බල්ලෙක් ගේනවා කියලා " ජිමින් ජන්ග්කුක් ළගට ඇවිදගෙන ආවා..
" තමුන් රෑ තිස්සේ යන තැන් මට කියන්නෑ වගේ මං කරන දේවල් තමුන්ට කියන්න ඕනේ කියලා මං හිතන්නෑ! "
ජන්ග්කුක් එහෙම කිව්වම ජිමින්ගෙ මූණ අඳුරු වුණා..
" මං ඔයාට කොච්චර කෝල් කරාද ඒ ගැන කියන්න... මැසේජ් එකකුත් දැම්මා " ජිමින් කිව්වත් ජන්ග්කුක් ඒක ඇහුනෙ නෑ වගේ එතනින් යන්න ගියහම ජිමින්ට දුක හිතුණා.
ඒ වෙද්දි පාන්දර දෙකටත් ළගයි.. හොඳ වෙලාවට හෙට නිවාඩු දවසක්..
ජිමින් කාමරේට ආවෙ හොඳටම මහන්සියෙන්..ඇඟ පුරාම දාඩිය..ඇඳුම් ටික උනාදාපු එයා උණුවතුරින් බාත්ටබ් එක පුරවගෙන ඒකට බැහැලා ඒ දැනෙන සුවපහසු හැඟීම විනාඩි ගානක් වින්දා..
" ඊව්ව්! " එකපාරටම ඇස් වහගෙන හිටිය ජිමින් කෑගැහුවෙ කවුරුහරි මූණ ලෙවකෑව නිසා.ඇස් ඇරලා බලද්දියි දැක්කෙ ෂ'මන් නැට්ට වන වන බලාගෙන ඉන්න විදිහ..
" ඔයා කොහොමද ඇතුලට ආවෙ ? මං දොර ලොක් කරේ නැද්ද? " ජිමින් බාත්රූම් එකේ දොර දිහා බැලුවා..දොර ඇරලා දාලා..
" චිප්! එළියට යන්න ෂ'මන්.." ජිමින් කිව්වත් බල්ලා යන පාටක් නෑ වගේ..
වතුර චුට්ටක් ඇඟට දැම්මම නම් බල්ලා උඩපැනගෙනම යන්න ගියා..
ජිමින් දොර වහලා දාලා හොදට පිරිසිදු වුණා..
බාත්රොබ් එකත් ඇඳගෙන බාත්රූම් එකෙන් එළියට එද්දිම ජිමින්ගෙ ඇස් නළලට ආවෙ බල්ලා ජිමින්ගෙ ඇඳ උඩ නැගලා ඇඳම වනසලා තියෙන විදිහ දැකලා..
" යාහ්! මෝඩ බල්ලා කෑවා නේද මගෙ කොට්ටෙ..බහිනවා බිමට..චිප්!"
ජිමින් කෑගහද්දි බල්ලා කාමරෙන් එලියට දිව්වා..
"දැන් ඉතිං සෝෆා එකේ තමයි නිදාගන්න වෙන්නේ " ජිමින් කුරුළු පිහාටු එළියට පැනලා තියෙන කොට්ටෙට පයින් පාරක් ගහලා හිතුවා..
💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
කලින් චැප්ටර එකත් එක්ක මේ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ නේද යාලුවනේ 😼
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)