💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
විශ්විද්‍යාලයෙ තිබුන චෙරි බ්ලොසම් ගස් වලින් වටවුන මල්පාර දිගේ ජිමින් පුංචි අඩි තිය තිය ඉස්සරහට ඇවිදගෙන ආවෙ හරිම සැහැල්ලුවෙන්.මේ ගෙවෙන්නෙ එයාගෙ විශ්වවිද්‍යාල ජීවිතයෙ දෙවෙනි වසරෙ ආරම්භය..ඒ වගේම විවාහ ජීවිතයෙත්!
" මින්සුක්? " මල්පාර මැද නතර වුන ජිමින් ඇස් ලොකු කරගෙන එයාගෙ ඉස්සරහට එන මින්සුක් දිහා බලාගෙන හිටියා.එයාගෙ එක අතක් වෙලුම් පටියකින් ඔතලා බෙල්ලට තියලා ගැටගහලා තිබ්බා.
" හායි ජිමින්! " එයා ජිමින් ළගට ඇවිත් කිව්වා.
" හායි! ඔයා ඇයි යුනි ආවෙ? තවම හරියට සනීප වෙලත් නෑ නේද "
මින්සුක්ගෙ අත දිහා බලාගෙන එයා ඇහුවා.මීට මාස දෙකකට විතර කලින් සිද්ද වෙච්චි රිය අනතුරක් නිසා මින්සුක් මාසයක් විතරම රෝහල් ගත වෙලයි හිටියෙ.කොහොම උනත් මින්සුක්ට ඒ රිය අනතුර සිද්ද වුනේ නම් මහාචාර්ය ජියෝන් ජන්ග්කුක්ගෙ ඔමේගගෙ පස්සෙන් යන්න ගිහින්..
~~~~~~~~~~~~~~~~~~~~
මාස දෙකකට පෙර..
" ජිමින් ඔයා ලෑස්තිද? " වෙලාව බලන අතරෙ ජන්ග්කුක් කාමරේට ඇවිත් ඇහුවා.
ජන්ග්කුක් අද රෑ එළියට ගිහින් රෑ කෑම ගන්න ජිමින්ට යෝජනා කරලයි තිබ්බෙ.අල්මාරිය පිරෙන්න තිබ්බ වෛවර්ණ ඇඳුම් වලින් එකක් තෝරගන්න බැරුව ජිමින් ලත වෙද්දි ජන්ග්කුක් එයා ළගට ඇවිත් ඇඳුමක් දික් කරහම ජිමින් පුදුමෙන් ඒ දිහා බැලුවා.
" මේ මොකක්ද? "
" ඔයා අද අදින්නේ මේක? " ජන්ග්කුක් කිව්වම ජිමින් ඒ බෑග් එක අතට අරන් ඇඳුම එළියට ගත්තා.
" වට්! මේක? මං අදින්න? " ජිමින් ඇස් රෝල් කරලා එයාගෙ හස්බන්ඩ් දිහා බැලුවා.
" ඇයි? "
" මේ ෆ්‍රොක් එක මං අදින්නේ කොහොමද? මේවා ෆීමේල් අයනෙ අදින්නේ! "
" අනේ දෙයියනේ! අද කාලෙ ක්‍රොස් ඩ්‍රෙසින් කියන්නේ ඔච්චර වද වෙන්න ඕනෙ දෙයක් නෙවෙයි ළමයො..ඔයා ඔමේගා කෙනෙක් කියලා ඔයාට අමතක උනාද ආහ්!! " ජන්ග්කුක් හිනාවෙවී කිව්වා..
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)