Chapter 17 | Perfection

1K 235 45
                                    

💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠




කොහොමත් එදා දවස නිවාඩු දවසක් නිසා ජිමින්ට ගොඩ වෙලාවක් නින්ද ගිහින් තිබ්බෙ පාන්දර වෙනකම් ඇහැරිලා හිටිය එකේ ප්‍රතිඵල විදිහටයි.ජන්ග්කුක් නනොනවත්තා ජිමින්ගෙ මූණ ඉබින ගමන් පිට අතගානවා කියලා පැය භාගයකට කලින් ජිමින්ගෙ සංවේදන වලට දැනුනා උනත් ජන්ග්කුක්ගෙ උණුසුම නැතිවෙලා ගියහම ජිමින් පෝරෝනය ඇතුලෙම ගුලි වුනේ ඒසී එකේ සීතලට..

ටික වෙලාවක පස්සෙ ජන්ග්කුක් ඇවිත් මුනින් අතට හිටිය ජිමින්ගෙ පිට උඩ වැතිරිලා පිට දිගේ ඉහළට හාදු තියන්න ගත්තම ජිමින් ඇස් විවර කරන ගමන් හිනාවුනා.

' ඇල්ෆා අමුතුවට හැසිරෙන්නේ ඇයි? ' ජන්ග්කුක් හාදු තියන නිසා බෙල්ල වටේට කිතියක් දැනෙද්දි ජිමින් උරහිස අකුල ගත්තා..මොනවා වුනත් ජිමින් ජන්ග්කුක්ගෙ වෙනස්වීමට ආසා කරා.

" තව කොච්චර වෙලා නිදාගන්නවද? " උඩු අතට ජිමින් හැරුනම ජන්ග්කුක් ප්‍රශ්න කලා..

" දැන් නම් නිදාගෙන ඇති වගේ " ඇස් හීනි කරගෙන හිනාවුන ජිමින් ඇඳ උඩ වාඩිවෙලා ඇඟේ හිරි යවන්න ගත්තා..ඊට පස්සේ ඇඳෙන් බිමට බැස්සමයි මතක් වුනේ උපන් ඇඳුමෙන් ඉන්නෙ කියලා..

ජන්ග්කුක් යටිතොල හපාගෙන ජිමින්ගෙ රතු ගැහුන මූණ දිහා බලාගෙන ඉද්දි ජිමින් දුවන්න හැදුවත් ජන්ග්කුක් ඉක්මනින් ඇඳෙන් බිමට පැනලා ජිමින්ව නතර කරගත්තා..

" අර බාත්රූම් එකට යන්න.. අද ඉදන් මේක අපේ රූම් එක.."

ජන්ග්කුක් කිව්වම දරාගන්න බැරි සතුටකින් ජිමින්ගෙ හිත පිරිලා ගියා..ඊට පස්සේ එහෙම්මම නානකාමරේට දිව්වෙ ලැජ්ජාවෙන්..දුවනකොට ලෙලදෙන ජිමින්ගෙ  පීච් පාට තට්ටම් දිහා බලලා හිනාවුන ජන්ග්කුක් තමන්ගෙ කෙස් අතරින් ඇඟිලි යැව්වා..

ජිමින් පිරිසිදු වෙලා නානකාමරෙන් එළියට එනකොට ජන්ග්කුක් කාමරේ හිටියෙ නෑ.හැබැයි ඇඳ උඩ ජිමින්ගෙ ඇඳුමක් නම් තිබ්බා.ජිමින් ඒකත් ඇඳගෙන සාලෙට ආවා.

ඒ වෙද්දි උදේ දහය පහුවෙලා තිබ්බා..යකෙක් කන්න තරම් බඩගින්නෙ හිටිය ජිමින්ගෙ බඩේ පනුවො උද්ගෝෂණ කරන්න පටන් අරගෙන.

Cold Alpha | Jikook | Omegaverse Where stories live. Discover now