Chapter 37 | Rape

808 197 53
                                    

💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠


ඔළුව පුපරන්න තරම් වේදනාවක් දැනෙද්දි ඒ වේදනාවටම ජිමින්ගෙ ඇස් අගින් කඳුළු ගැලුවා. කටින් පිටවුන සිහින් කෙදිරියක් එක්කම එයා හිමීට ඇස් විවර කලා. එයා හිටියෙ හොඳින් ආලෝකය තිබුණ කාමරයක. ඒ නිසාම එයාට සාමාන්‍ය විදිහට ඇස් විවර කරලා බලන්න ටික වෙලාවක් ගියා.

තමන්ට සිද්ද වුනේ මොකක්ද කියලා හිතන්න තත්පර කිහිපයක් වැය කරපු ජිමින් එයාට ඇස් කොනින් පෙනෙමින් තිබ්බ ඡායාව දිහාවට සම්පූර්ණ අවධානය දුන්නා..

" ඔහ්.. සිහිය ආවද පැටියෝ... මං බලාගෙන හිටියෙ ඔයාට සිහිය එනකම් තමයි " කටකොනේ ඇඳුනු හිනාවක් එක්ක ජිමින් හිටිය ඇඳට එහයින් තිබ්බ කවුච් එකට වෙලා හිටිය මින්සුක් කවුච් එකෙන් නැගිට්ටා.

" තමුසෙ.. මොනාද මට කරන්න යන්නේ? ක්-කොහෙද මගෙ ජන්ග්කුක්.. එයාට මොනාද කලේ කියනවා"  ජිමින් තරහින් කෑගැහුවා. එයාගෙ ඇසුත් කේන්තියටම රතු වෙලා තියෙද්දි මින්සුක් එතනට ඇවිත් හිටගත්තා.

" කෑගහන එක අඩු කරගන්න පැටියෝ.. මං කැමති නෑ ඔයාගෙ කම්මුල් දෙක දැම්ම චොප්ප කරලා දාන්න "

මින්සුක් කිව්වම ජිමින් ඇඳෙන් නැගිටින්න උත්සාහ කලත් එයාගෙ අතක් ඇඳේ හෙඩ්බෝඩ් එකට තියලා බැදලා තියෙනවා කියලා තේරුනාම ජිමින් මිනිසුක් දිහාවට එල්ල කලේ අලුවෙලා යන බැල්මක්..

" ආහ්.....ඔයාට කියන්න බෑඩ් නිවුස් එකක් තියෙනවා.. ඔයාගෙ සීක්‍රට් ප්‍රොෆෙසර් හස්බන්ඩ් ගැන..."

" තමුන් මොනාද එයාට කලේ කියනවා"

" අයි සී යූ එකේ නතර වෙන්න ගැහුවා මිසක් වැඩි දෙයක් කලේ නෑ.. එයා තාම පන පිටින්.. සතුටුයි නේද? " මින්සුක් එහෙම කියලා මහ ජරා විදිහට හිනාවුනා.. මින්සුක්ගෙ වචනත් එක්ක ජිමින්ගෙ ඇස් වලින් එක දිගටම කඳුළු ගැලුවෙ එයාගෙ ජන්ග්කුක්ට තමන් නිසා ලොකු කරදරේකට මූණ දෙන්න සිද්ද වුණ නිසා.

' හැමදේටම වැරදි මං..

මං මගෙ සීමාවෙ ඉදන් වැඩ කලා නම් මගෙ ජන්ග්කුකීට එහෙම දෙයක් වෙන්නෑ..

Cold Alpha | Jikook | Omegaverse Where stories live. Discover now