Chapter 22 | A Fight

750 205 13
                                    

💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠

ජිමින් හිටියෙ ජන්ග්කුක්ගෙ නිරුවත් ඇඟට යටවෙලා..පැය ගානක් තිස්සේ එකතු වුන නිසාම එයාලව දාඩියෙන් නෑවිලා.

" අහන්නකො..! " ජිමින් කතා කරන්න පටන් ගත්තෙ එයාගෙ පපුව උඩ වැතිරිලා හිටිය ඇල්ෆගෙ කොන්ඩෙ අස්සෙන් ඇගිලි යවන අතරෙ..

" හ්ම් "

" ඔයාට මතකද මින්සුක්ව? අර අද මට එහා පැත්තෙ හිටිය ඇක්සිඩන්ට් වෙලා හිටිය ඇල්ෆාව? " ජන්ග්කුක්ගෙ ඇස් ඉක්මනින් ජිමින්ගෙ මූණ දිහා බැලුවා.මින්සුක්ව මතක් වෙද්දිත් එයාගෙ ලේ ගිනි ගන්නවා වගේ..

" හොඳට මතකයි! " එයා ඕනවට එපාවට කිව්වා.

" එයා මට කිව්වා එයා ඇක්සිඩන්ට් වුන දවසෙ මාව ඔයා එක්ක දැක්කා කියලා.."

" මොකක්!! " ජන්ග්කුක් පුදුමෙන් ඇහුවා.

" හ්ම්..මටත් ඒක ඇහුවම පුදුම හිතුනා..ඒ උනාට එයාට හරියටම ෂුවර් නෑ ඒ මමමයි කියලා..මං එදා ඇඳගෙන හිටියෙත් ෆ්‍රොක් එකක්නෙ.."

" කවද්ද ඒ දවස? "

" මතකද මාස දෙකකට විතර කලින් අපි ඇවෛරා හොටෙල් එකේ ඩිනර් එකට ගියා...එදා අපි ආපහු එද්දි ඇක්සිඩන්ට් එකක් වුනේ!

මං හිතන්නේ ඒ එයා!! එයා අපිව ෆලෝ කරලා  " මින්සුක් ඒ කතාව තමන්ට කියද්දි තමන්ව සීතල වෙලා ගිය විදිහ මතක් කරන ගමන්ම ජිමින් විස්තර කලා.

" හෝලි ෆක්!! " ජන්ග්කුක්ට කියවුණා.

" ඒකා නම් ඕනවට වැඩියි..මං දැකලා තියෙ ඌ හැමවෙලේම ඔයාගෙ අහල පහල ඉන්න විදිහ " නොසන්සුන් විදිහට ජන්ග්කුක් කියද්දි ජිමින් සුසුමක් යැව්වා..

" එයා මට කැමතියි..ඇල්ෆා පාක් ජිමින්ට ! " ජිමින් තත්පර කිහිපයකට පස්සේ ලොකු හුස්මක් අරගෙන කිව්වා.ජන්ග්කුක් මොනවා කියාවිද කියලා එයා ගොඩක් බය වුනා..ඒ උනත් තව දුරටත් මේවා හංගගෙන ඉදලා බෑ..

" වට්!! "  ජිමින් කිව්වෙ මොකක්ද කියලා තේරුම් ගන්න තත්පර කිහිපයක් වැය කරපු ජන්ග්කුක් කියනකොට ජිමින් යටිතොල හපාගත්තා..

" ඉතිං ඔයත් කැමතිද? "

" නෑහ්!! පිස්සුද!! " ජිමින් කෑගැහුවා..

ජන්ග්කුක් කේන්තියෙන් ශීට්ස් මිරිකගත්තා..එයා හිතුවා මේ දේ කලින්ම..!

" දැන් කොච්චර කල් ඉදන් ද කැමතියි කියලා දන්නෙ? "

" මට මතක විදියට මාස හයක විතර ඉදන්..එයා මට කන්ෆෙක්ස් කලා.. මං ඒ වෙලාවෙ ඒක එච්චර කෙයා කලේ නෑ "

" හහ්!! " ජන්ග්කුක් ජිමින්ගෙ ඇඟෙන් ඉවත් වුනේ සමච්චල් සහගත හිනාවක් එක්ක..

" මාස හයක්!?? තමුන් දැන්ද මට ඒක කියන්නේ?? "

" අහන්න! මං හිතුවෙ නෑ මේක මෙච්චර ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා..මං එයාට කිව්වා මං ඒ වගේ දේකට කැමති නෑ මගෙන් ඈත්වෙලා ඉන්න කියලා "

" හහ්! එච්චර දෙයක් කිව්වද? එහෙනම් මොන මගුලකටද ඌ අදත් තමුන්ව අල්ල අල්ල හිටියෙ? තමුන්ගෙ අහල පහල කැරකෙන්නේ ඇයි? උත්තර දෙනවා ජිමින්..

උබ මට බොරු කරනවා නේද? "

ජිමින් බලාපොරොත්තු නොවුණ විදිහට ජන්ග්කුක් සද්දෙට කෑගැහුවා..ජිමින්ගෙ ඇස් වලින් කඳුළු ගලන්න පටන් ගත්තෙ ඇත්තටම මේක ගොඩක් දරුණු නිසා.. ඇල්ෆා මේ විදිහට හැසිරෙනවට එයා පොඩ්ඩක්වත් ආස නෑ..!

" මං බොරු කරන්නෑ ඇල්ෆා!! මං කියන දේ අහන්න "

කාමරේ දොර සද්දෙට වහගෙනම ජන්ග්කුක් එළියට ගියේ නිරුවතින්..

ඉක්මනින් ඇඳෙන් බිමට බැස්ස ජිමින් ජන්ග්කුක්ගෙ පස්සෙන් දිව්වා..

" මං කියන දේ අහන්න " ජිමින් ජන්ග්කුක්ගෙ අතක එල්ලුනා..එයාගෙ ඇස් හොඳටම රතුවෙලා..

" එහාට යනවා " ජිමින්ව තල්ලු කරපු ජන්ග්කුක් අඩි කිහිපයක් ගියත් බිඳෙන සද්දයක් ඇහුන නිසා ආයෙමත් නතර උනා..

" අනේ! ජිමින්....."

💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠



Astro Zoe 💀🦋

Cold Alpha | Jikook | Omegaverse Where stories live. Discover now