Chapter 18 | Peaceful Evening

888 224 15
                                    

💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠

" මං කැපුචිනෝ හැදුවා " ඒ වෙලාව හවස් වරුවක් වෙද්දි ජන්ග්කුක් හිටියෙ සාලෙ තිබ්බ ටිවී එක ඉස්සරහට වෙලා සෝෆාවෙ වාඩිවෙලා.ජිමින් ජන්ග්කුක් ළගට ඇවිත් දුම්දාන කැපුචිනෝ කෝප්ප දෙකක් තියාගත්ත ට්‍රේ එකක් අල්ලගෙන හීනි කටහඬින් කිව්වා..

ජිමින්ගෙ මූණ දිහා බලලා හිනාවුන ජන්ග්කුක් කැපුචිනෝ කෝප්පයක් අතට ගත්තා.ජිමින් ට්‍රේ එක ඉස්සරහා තිබ්බ ස්ටූල් එක උඩින් තියලා ජන්ග්කුක්ට එහායින් සෝෆාවෙ වාඩිවුණා.

ට්‍රේ එකේ තිබ්බ චීස් කේක් කෑල්ලක් ජන්ග්කුක්ට දික් කරහම ජන්ග්කුක් ඒක දිහා බලලා හිනාවුනා.

" එපා හනී...මං ෂුගර් කන එක අඩුකරලයි තියෙන්නේ " ජන්ග්කුක් කිව්වා.ජිමින් කට ඉරක් වගේ කරගෙන ආයෙම කේක් කෑල්ල එයාගෙ උකුල උඩින් තියාගත්තා..

එයාලා අතරෙ මහ ලොකු පරතරයක් නොතිබ්බත් ජිමින්ට ඕනෙ වුනේ ජන්ග්කුක් ළගට කිට්ටු කරන්නයි..ඇස් කොනින් ජන්ග්කුක් දිහා බලපු එයා හොරාට වගේ ටිකක් එහාට වෙන්න හැදුවත් සෝෆාවෙන් ආව චිරි චිරි සද්දෙ නිසා ජිමින් හිටපු විදිහටම ඉස්සරහා බලාගෙන හිටියා..

කිහිපවතාවක් නොසන්සුන් විදිහට ඇහිපිය ගහපු ජිමින් නොහිතපු විදිහට ඊළගට ජන්ග්කුක්ගෙ ලොකු අතක් මැද හිර වුනාම ජිමින්ගෙ කම්මුල් රතු ගැහිලා ගියා.

" ඔයාට මොනවා හරි ඕනෙද බේබි? " කැපුචිනෝ එකෙන් ටිකක් තොලගාපු ජන්ග්කුක් ජිමින්ගෙ රතු ගැහුන කම්මුලක් මිරිකලා ඇහුවා..ජිමින් ඔලුව දෙපැත්තකට වනලා මුකුත් නෑ කියලා ඇගෙව්වා..

" ඔයාගෙ කැපුචිනෝ එක නිවෙනවා "

" මං තව ටිකකින් බොන්නම්...නිවුනම තමා මං ආස" ජන්ග්කුක්ගෙ කලවා දිහා බලාගෙන කිව්ව ජිමින් ඊළගට ජන්ග්කුක්ගෙ මූණ දිහා බැලුවා.ඒ වෙද්දිත් ජන්ග්කුක් අමුතුම සෙල්ලක්කාර හිනාවකින් ජිමින් දිහා බලාගෙන හිටියත් ජිමින්ට ඒ හිනාව තේරුම් ගන්න බැරි උනා.

එක අතක් ජිමින්ගෙ කලවා දිගේ අරගෙන ගිය ඇල්ෆා ජිමින්ගෙ කලිසමට වැටෙන්න ඔන්න මෙන්න වගේ තියෙන චීස් කේක් කෑල්ල අතට ගත්තම ජිමින්ට කෙලගිලුනා..

Cold Alpha | Jikook | Omegaverse Where stories live. Discover now